ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජන ප්‍රවර්ධන ඇමති ජපාන ආයෝජකයන් හමුවේ

    ඔක්තෝබර් 30, 2014
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් දෙරට අතර ආර්ථික, ආයෝජන හා වාණිජ කටයුතු සිදු කිරීමේ වැදගත්කම හා විශේෂත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් ජපානයේ සංචාරයක නිරත විය.
     
    ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉහළ පෙළේ සාකච්ඡා ගණනාවක් සැලසුම් කොට ඇත.
     
    මෙහිදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ෂාප් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හමු වී ලංකාව සමඟ ආර්ථික කටයුතු සිදු කිරීමේ විභවතාව පිළිබඳ ව සාකච්ඡා කළේය.
     
    ටෝකියෝ මිට්සුබිෂි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා නියෝජ්‍ය සභාපති සමඟ ද සාකච්ඡා පැවැත්වීය. මෙහිදි එම බැංකුව හා ආයෝජන මණ්ඩලය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණ. තව ද නියෝජිත කණ්ඩායම ජපානයේ දෙවන විශාලත ම බැංකුව වන මිසුහෝ බැංකුවෙහි කළමනාකාර විධායක නිලධාරීවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
     
    මෙහි දී ජපානයේ විශාල සමාගම්, මූල්‍ය කේන්ද්‍රීය බැංකු, ආයෝජකයන් හා කර්මාන්තකරුවන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව සමඟ වාණිජ හා ආර්ථික වශයෙන් ගනුදෙනු කිරීමට දැඩි උනන්දුවක් දැක්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya