ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම 60% දක්වා පිරී යයි

    ඔක්තෝබර් 30, 2014
    දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම මේ වන විට 60% දක්වා පිරී ගොස් ඇති බව පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී දැදුරු ඔය ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුනිල් පෙරේරා මහතා පැවසීය.  එම ප්‍රමාණය අඩි 45යි අඟල් 10කි.
     
    පසුගිය දා ඇති වූ විශාල වර්ෂාවෙන් එකතු වූ වැව් ජලය වාන් දොරටු 04ක් ඔස්සේ සහ පසුව වාන් දොරටු 02න් ඉවත් කළ බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    මෙම ජලාශයෙන් පෝෂණය වන ප්‍රදේශයෙන් කුඩා වැව් 300කට ජලය ලබාදීමට බලාපොරොත්තු වන අතර ජලාශයේ සිට කිලෝ මීටර් 80ක් දුරට ජලය ලබාදීමටද බලාපොරොත්තු වෙයි. 
     
    ජලාශය අවට ඇති ගනේවත්ත, වාරියපොළ සහ මහව යන ප්‍රදේශවල ධීවරයින් සමඟ එක්ව ධීවර සමිතියක් පිහිටුවා මිරිදිය මසුන් තැන්පත් කර මිරිදිය ධීවර කර්මාන්තය සඳහා ද යොදා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී  ජලජීවී වගා ව්‍යාප්ති අංශයට උපදෙස් ලබා දුන්නේය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya