මේ සම්බන්ධයෙන් එම පානීය ජල බෝතල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරිකයාත්, කළමනාකරුත්, අත්අඩංගුවට ගෙන බැඳුම්කර ඇප මත නිදහස් කර තිබේ. හෙට (23) ඔවුන් කඩවත අධිකරණයට කැඳවීමට ද නියමිතය.දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ක්ෂණික ආහාර වර්ග සපයන ව්‍යාපාරයක් කොළඹ සහ නුවරඑළිය, බණ්ඩාරවෙල තරු පහේ සහ තරු තුනේ සුපිරි හෝටල් ගණනාවක්, සුප්‍රසිද්ධ ෆුඩ් සිටි කීපයක් ඇතුළු මේ සැපයුම්කරුවන්ගෙන් වතුර බෝතල් මිලදී ගන්නා ආයතන රැසක් පාරිභෝගික අධිකාරියට මේ විෂ සහිත වතුර බෝතල් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
එම වතුර පානය කළ කිහිප දෙනකුට වමනය සෑදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවී ඇත. මේ පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීමක් සිදු කරන ලෙසට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට දුන් උපදෙස් මත එහි නිලධාරීන් ඊයේ (21) උදේ එම කර්මාන්ත ශාලාව වටලනු ලැබිණි.
එහිදී රසායනික ද්‍රව්‍ය අඩංගු ජල බෝතල් තිස්හත්දහසක්, පිට කිරීමට වාහනවලට දමා තිබූ එම පානීය ජල බෝතල් දෙදහසක් පමණ ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.එම කර්මාන්ත ශාලාවේ පානීය ජලය සහ බෝතල් යන දෙවර්ගය ම නිෂ්පාදනය වන අතර බෝතල් නිෂ්පාදනයේ දී යොදන ලද රසායනික ද්‍රව්‍යයක් මෙසේ පානීය ජලයට මිශ්‍ර වී ඇතැයි සැක කෙරේ. කැලණියේ පිහිටි මේ කර්මාන්ත ශාලාවෙන් පානීය ජලය මිල දී ගත් ආයතන ඒවා බීමට පෙර වහාම සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවට දන්වා සිටියි.
පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් සිරිවර්ධන, විමර්ශන නිලධාරීන් වන හර්ෂණ කුමාර, වයි.එම්. එස්. නිශාන්ත, ඩබ්ලිව්.ඒ.සී. ප්‍රසාද්, කෝසල රංගනාත්, එල්.එම්.එස්. නාවිමන ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළහ. ECB



















