ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දිරිය කතුන් සවිබල ගැන්වීම යුගයේ අවශ්‍යතාවක්

    නොවැම්බර් 05, 2014
    දිරියෙන් නැඟී සිටීමට වෙර දරන දැයේ දිරිය කතුන් සවිබල ගැන්වීම යුගයේ අවශ්‍යතාවයක් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරිදැක්ම මගින් වැඩි ඉඩ කඩක් කාන්තාවන්ට ලබාදෙමින් ගෘහාශ්‍රිතව ස්වයංරැකියා සඳහා ඔවුන් යොමු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට තිබෙන බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාණතුංග මහතා පැවසී ය.
     
    නිවස හා දූ දරුවන් පළිබඳ ඉතා කාර්යබහුල ඔවුන් පවුලේ ආර්ථිකය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කරන්නන් බවට නඟාසිටුවීමට හැකිවීම රජය ලෙස ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පිළියන්දල මඩපාත ජීවන ලිය ජාතික සංසදය ස්වයංරැකියා සඳහා සාමාජික කතුන් වෙත ණය ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිණි.
     
    කුඩා කණ්ඩායම් හරහා ස්වයංරැකියාවන් සඳහා විශාල පිරිසක් පෙළ ගැස්සවීමට හැකිවීමත් සමෘද්ධි බැංකු මගින් විශාල පිරිසකට ගෘහාශ්‍රිත ස්වංය රැකියාවන්ට ණය ලබාදීම ලැබූ ජයග්‍රහණයක් බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජනාධිපතිතුමන් රට ගොඩනගන සුවිශාල ව්‍යාපෘතින් රැසක් ආරම්භ කොට ඇති අතර මහල් නිවාස ලබාදීම, නගර අලංකරණය සහ මං මාවත් සංවර්ධනය ඉන් සුවිශේෂි ස්ථානයක් ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.
     
    සැමට සැමවිට අත්වැලක් වීමට රජය සූදානමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya