ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ වාහන තදබදය අවම කිරීමට මොනෝරේල්

    අප්‍රේල් 23, 2014

    ජපන් ජයිකා ආයතනය හා ප‍්‍රවාහන කටයුතු අමාත්‍යාංශය මඟින් 2035 වසර වන විට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් කෝටි 125400ක වියදමින් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

     

    එම ව්‍යාපෘති අතර මොනෝරේල් සේවාවක් ඇරඹීම කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ද ඇතුළත්ය.

     

    කොළඹ නගරයේ පවතින අධික වාහන තද බදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ‍්‍රමය දැඩි ලෙස අපතේ යන බව මේ වන විට හෙළි වී ඇත.

     

    නව ව්‍යාපෘතිය නිසා වාහන මෙහෙයුම් වියදම වසරකට මිලියන 213000ක් අඩුකර ගත හැකි අතර ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම යටතේ රුපියල් මිලියන 136000ක් අඩුකර ගත හැකිය. ඒ අනුව රුපියල් මිලියන 349000ක දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභයක් කොළඹ ප‍්‍රවාහන සැලැස්ම මඟින් උදාකර ගත හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya