ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් ශාඛාව මඟින් මේ වැඩමුළුව සංවිධානය කොට තිබේ. ඉදිකිරීමට නියමිත මාර්ගයේ වත්මන් තත්ත්වය, ප්‍රතිලාභ සහ අනාගත බලාපොරොත්තු ආදිය සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.
විවෘත දැනුවත් කිරීමේ වැඩසටහනක් වන මෙහිදී උතුරු අධිවේගී මාර්ගයේ කොළඹ - නුවර කොටස පිළිබද ජනතාවගේ අදහස් උදහස් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.වී.එස්. වීරකොන් මහතා පවසයි.



















