ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියේ මාතර දිස්ත‍්‍රික්ක තරග හෙට

    නොවැම්බර් 09, 2014
    ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලය මගින් දින 101 සමාජ ආරක්‍ෂණය සමාජගත කෙරෙන පුළුල් වැඩපිළිවෙළ යටතේ ජනාධිපති කුසලාන අන්තර් පාඨශාලයීය විවාද තරගාවලියේ මාතර දිස්ත‍්‍රික් තරග සහ එහි සමාරම්භක උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (10) දා පෙරවරු 8.30 ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    විශ‍්‍රාම වැටුප් හිමිකම රජයේ සේවයේ උරුමයකි/උරුමයක් නොවේ, දරුවන් විදේශ ගතවීම නිසා දෙමව්පියන්ගේ ආරක්‍ෂාව තහවුරුවේ/තහවුරු නොවේ සහ එක් පුද්ගලයෙකුගේ සමාජ රක්‍ෂණය මුළු පවුලට ම රැකවරණය ගෙනදේ/නොදේ යන මාතෘකා යටතේ යෝජක හා ප‍්‍රතියෝජක වශයෙන් තරගාවලිය පැවැත්වීමට නියමිත ය.
     
    දීප ව්‍යාප්තව පැවැත්වෙන මෙම විවාද තරගාවලිය සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් පාසල් 16ක් තෝරාගෙන ඇති අතර අවසන් මහා තරගය සඳහා ඉන් එක් පාසලක් තෝරා ගැනේ.
     
    අවසන් මහා තරගය ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ මාතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරී අමිල ගමගේ මහතා පැවසී ය. 
     
    මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත‍්‍රික්ක ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන්, ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ සුමනා ආරියදාස මහත්මිය ඇතුළු නිලධාරීන්, පාසල් ගුරුභවතුන් හා පාසල් දරු දැරියන් පිරිසක් සහභාගි වීමට නියමිත ය.
     
    ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ මාතර දිස්ත‍්‍රික්ක කාර්යාලය මෙය සංවිධානය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya