ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළට නැගෙනහිරින් වැඩි නියෝජනයක්

    අප්‍රේල් 23, 2014

    මඩකළපුවට අයත් පාසල් සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා 90.27%ක ප‍්‍රතිශතය ලබා මුළු දිවයිනේ හා නැගෙනහිර පළාතේ ම ප‍්‍රථම ස්ථානය ලබා ගෙන ඇත. එම ප‍්‍රතිශතය නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලැබූ ජයග‍්‍රහණයක් බවට අධ්‍යාපනඥයෝ ප‍්‍රශංසා කරති.


    එම දත්ත නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කර ඇත. එම දත්තවලට අනුව නැගෙනහිර පළාත් පාසල් සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා ලබා ඇති සුදුසුකම් ප‍්‍රතිශතය කලාප මට්ටමෙන් සහ සමස්ත ලංකාවෙන් ලැබූ ස්ථාන ප‍්‍රකාශයට පත් කර ඇත.

     

    ඒ අනුව මඩකළපුව අධ්‍යාපන කලාපය 90.27%ක ප‍්‍රතිශතයක් ලබා නැගෙනහිර පළාතෙන් හා සමස්ත ලංකාවෙන් ප‍්‍රථම ස්ථානය ලබා ඇත.

     

    අක්කරෙයිපත්තුව 76.84%ක ප‍්‍රතිශතයක් ලබා නැගෙනහිර පළාතෙන් දෙවන ස්ථානය හා ලංකාවෙන් හතර වෙනි ස්ථානය ද කල්මුණේ අධ්‍යාපන කලාපය 70.46%ක ප‍්‍රතිශතයක් ලබා නැගෙනහිර පළාතෙන් තුන්වන ස්ථානය හා සමස්ත ලංකාවෙන් 19 වන ස්ථානය ද කින්නියා අධ්‍යාපන කලාපය 69.61%ක ප‍්‍රතිශතයක් ලබා නැගෙනහිර පළාතෙන් 4 වන ස්ථානය ද ලබා සිටී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya