මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම බක්මහ උළෙල පැවැත්වේ.
ගම හරහා දිවීම, කොට්ට පොර, කනාමුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, ජන ගායනා, අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම ඇතුළු අවුරුදු ක්‍රීඩා 26කින් බක්මහ උළෙල වර්ණවත් වේ. ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමටද සංවිධායක මඬුල්ල කටයුතු යොදා ඇත.
NDH/GNK_ISB_dmu_matale



















