ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පළමු වරට මුලතිව් හි හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක්

    නොවැම්බර් 19, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානය සහ සුවිශේෂී දක්‍ෂතාවන් පෙන්නුම් කෙරෙණ  පිරික්සුම් පහන් සංදර්ශනයක් (Mini-Tattoo) පසුගිය15 සහ 16 යන දෙ දින තුළ මුලතිවු ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ. 
     
    පිරික්සුම් පහන් සංදර්ශනයක් මුලතිවු දිස්ත්‍රික්කයේ පවත්වන ලද පළමු අවස්ථාව මෙයවන අතර මෙහි පළමු දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස උතුරු පළාත් භාර ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සහභාගි විය.
     
    යුද හමුදවේ විවිධ රෙජිමේන්තුවලට අයත් සාමාජිකයන් සිය දක්‍ෂතා පෙන්නුම් කරන ලද අතර සරඹ සංදර්ශන, පැරෂුට් සංදර්ශන, සුනඛයන් විසින් ඉදිරිපත් කෙරුණ සංදර්ශන, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ අවස්ථා, කාලතුවක්කු එකලස් කිරීම ආදී විවිධ විශේෂාංග ඇතුළත් ව තිබුණි. 
     
    ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ ද දක්‍ෂතා පෙන්නුම් කරමින් සරඹ සංදර්ශනයක් ද මෙම අවස්ථාවට ඉදිරිපත් කර තිබුණි. සංදර්ශනය පැවතී දින දෙක තුළ ම සන්ධ්‍යාවේ යුධ 
    හමුදා සංගීත කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායම එක් ව පැමිණි පිරිස් සංගීතයෙන් ද රසවත් කිරීමට ක‍ටයුතු සංවිධානය කොට තිබිණි. 
     
    සංදර්ශනයේ දෙවන දිනය රජයේ නිලධාරින්, පරිපාලන නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පාසල් සිසුන් වෙනුවෙන් වෙන්කොට තිබුණි. ඒ අවස්ථාවට පන්දහසකට අධික නරඹන්නන් පිරිසක් ද සහභාගි වී සිටිහය.
     
    මෙම ප්‍රදේශවල ජනතාවට නවමු සහ සුවිශේෂී අත්දැකීමක් එක් කළ මෙම පිරික්සුම් පහන් සංදර්ශනය හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ අදහසක් අනුව මුලතිවු ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කර තිබුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya