ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ජන්ම දිනය සහ පදවි ප්‍රාප්ති සැමරුමට මැදවච්චියේ සංවර්ධන වැඩසටහන් රැසක් ඇරඹෙයි

    නොවැම්බර් 19, 2014

    ජනපති ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් මැදවච්චිය ආසනයේ සංවර්ධන යෝජනා රැසක වැඩ ආරම්භ කිරීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදුවිය.

    ඒ අනුව මැදවච්චිය ළිඳවැව ගම්මානයේ නව පාලම සහ කරන්බන්කුලම ගම්මානයේ නව පාලම සඳහා මුල්ගල තැබීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

     

    මෙම පාලම් ඉදිකිරීම සඳහා ‘පාලම් දහසක්’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 15කට අධික මුදලක් වෙන්කර තිබේ. අදාළ ප්‍රදේශවල ගම්මාන 21ක ජනතාවට මින් සෙත සැලසෙයි.

     

    අධික වර්ෂාව පවතින සමයේ මෙම ගම්මානවල ජනතාව අදාළ මාර්ගවල පාලම් නොමැතිවීමෙන් මහත් අපහසුතාවන්ට පත් වූ බැවින් ජනපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මෙම පාලම් ඉදිකිරීමට පියවර ගත් බව ළිඳවැව පාලම සඳහා මුල්ගල තැබීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

     

    තිස් වසරක යුද්ධය නිමාකර රටට සාමය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මේ රටේ සියලු ජනතාව දීර්ඝායුෂ පතන බවත්, විශේෂයෙන් යුද්ධය නිසා නැවතී තිබූ රටේ සංවර්ධනය නැවත ආරම්භ කරමින් සංවර්ධනය තුළින් ‍රටේ සුවිශාල වෙනසක් කළ ජනාධිපතිතුමන්ට නැවතත් මේ රටේ නායකත්වය භාරදීමට ජනතාව පෙළ ගැසී සිටින බවත් පැවසීය.

     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

     

    “ඒ සංවර්ධනය නිසා මැදවච්චිය වැනි ඈත පිටිසර ගම්වල අතීතයේ කෙදිනකවත් නොදැක්ක සුවිශාල වෙනසක් අද සිදු වී තිබෙනවා. එදා නගරයේ තිබූ සියලු පහසුකම් අද ගමට ලැබී තිබෙනවා. ගමේ ජනතාව ඒ බව දන්නවා. අද මුල්ගල තැබූ මෙම පාලම කෙටි කාලයක් තුළ ඉදිකළ පසු වර්ෂාව සමයේ එදා ගම් වලට කොටු වූ ජනතාවට කිසිදු කරදරයකින් තොර ව තමන්ගේ කටයුතු කරගැනීමට හැකි වෙනවා.

     

    එදා හදිසි රෝගියෙක් රෝහලකට රැගෙන යාමට පවා බැරිව ජනතාව අනේක දුක් වින්දා. තව නොබෝ දිනකින් ඒ වගේ දුෂ්කරතාවලට ජනතාවට මුහුණදීමට සිදුවන්නේ නැහැ. එවැනි වෙනසක් සිදු කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ගමේ ජනතාව දන්නවා.

     

    ඒ නිසා එතුමා තවදුරටත් මේ රටේ නායකයා ලෙස තබාගැනීමට ගමේ ජනතාව තීන්දුකර අවසන්. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මොන බලවේග පැමිණියත් මේ රටේ බහුතරයක් ගැමියන්ගේ ඡන්දය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි. එතුමා නැවතත් ජනාධිපති ධූරයට පත්වන බව දන්නා නිසා විපක්ෂයේ කිසිම අපේක්ෂකයෙක් ජනපතිතුමන්ට අභියෝග කරන්න ඉදිරියට එන්නේ නැතැ.”යි ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රදේශීය සභා මන්ත්‍රී හේරත් සේනාරත්න මහතා ද ප්‍රදේශවාසීහු ද පැමිණ සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya