ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාලන ජාතික ප්‍රතිපත්තිය මධ්‍යම පළාතටත්

    නොවැම්බර් 23, 2014

    ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම යන වැඩසටහන යටතේ පළාත් පාලන ජාතික ප්‍රතිපත්තිය මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමේ යෝජනාවලිය පිළිබඳ විශේෂ සාකච්ජාවක් ඉකුත් දා මහනුවර ස්විස් හෝටලයේදී පැවැත්විණි.   

    මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතනික ධාරිතා සංවර්ධනය, ආදායම් සහ මූල්‍ය සම්පත් ප්‍රවර්ධනය, ප්‍රාදේශීය ආණ්ඩුකරණය සඳහා සක්‍රීය ජනතා සහභාගිත්වය, මහජන සුභසිද්ධිය උදෙසා ප්‍රාදේශීය සම්මුති දේශපාලනය, පළාත් පාලන පළාත් සම්බන්ධීකරණය, පළාත් ක්‍රියාකාරි කමිටුව යන කරුණු මූලික කර ගනිමින් සාකච්ඡාව පවත්වා තිබේ.  

     

    පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ පූර්ණ සහභාගිත්වය මෙම වැඩසටහනට දායක කර ගැනීමට ඔවුන් උනන්දු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ ඇමතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

    පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ව්‍යාපෘති කළමනාකරු ආර්. ශන්මුගරාජා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මධ්‍යම පළාත තුළ මෙම යෝජනාවලිය ඵලදායි ලෙස සිදු කිරීම අප ආයතනයේ අරමුණ බවත්, මේ සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් මෙන්ම තාක්ෂණික සහ නීතිමය  උපදෙස් ලබා දීමටත් අපේක්ෂා කරන බවත්ය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්, පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් (මහනුවර, මාතලේ, නුවරඑළිය හා දෙපාර්තමේන්තු) පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමයේ ව්‍යාපෘති කළමනාකරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නීති උපදේශක එච්.ජී.සී. ජයතිස්ස මහතා සහ නවයාලතැන්න පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති බී.කේ.ජී. ධනපාල මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya