ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාගම සුපිරි පොදු සනීපාරක්ෂක සංකීර්ණය විවෘත වේ

    නොවැම්බර් 24, 2014
    ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් මෙන් ම ශික්ෂණ රෝහල නිසා  දිනකට රාගම නගරයට පැමිණෙන විශාල ජනතාවකගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරමින් ලක්ෂ 85 වියදමින් රාගම නගරයේ වෙළෙඳ සංගමයේ කැපවීමෙන් ඉදි වූ සුපිරි පොදු සනීපාරක්ෂක සංකීර්ණය සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතාගේ සුරතින් පසුගියදා ජනතා අයිතියට පත් විය. 
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, "අතිගරු ජනාධිපතිතුමන් රට ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා විදේශ බලවේගයන්ට හිස පාත් නොකර ගත්ත දැඩි තීරණය නිසා අද රටේ ඒකීයභාවය සුරක්ෂිත කරලා තියෙනවා. එය පොදුවේ භුක්ති විඳීමට අපිට ලැබිලා තියෙන බව අමතක කරන්න එපා". 
     
    "තම තමන්ගේ පහත් ආශාවන් මුදුන් පමුණුවාගෙන බල තණ්හාවෙන් කල්ලි ගැහිලා රටේ ඒකීය සුරක්ෂිතභාවය නැති කරන්න, රට පාවා දෙන්න මෛත්‍රී චන්ද්‍රිකා එකතු වෙලා. එතුමියත් රට පාලනය කළා. යුද්ධය නිමාකරන්න පුළුවන් වුණාද? එදා අහිංසක සෙබළුන් මෙන් ම අහිංසක ජනතාව කීයක් බිලි දුන්නා ද? ඒ කාල සීමාවේදී තීන්දු තීරණ නොගත්තේ ඇයි? මේ හදිස්සියේ රටටත් ජනතාවටත් ආදරය ඇති වුණේ කොහොමද? ඒ කාලෙයි මේ කාලෙයි සංසන්දනය කරන්න. එතුමියට මේවා නොපෙනෙනවා ඇති, නමුත් මම හිතනවා ඇහෙනවා ඇති කියලා".
     
    මගේ ප්‍රතිපත්ති මම වෙනස් කරන්නේ නැ. රට, ජාතිය, අහිංසක ජනතාව පවා දෙන්නෙත් නැ. මට ඡන්දය දුන්න ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙන්නේත් නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න අහන්න මම සැදී පැහැදී ඉන්නවා. ඉදිරි ජනාධිපතිවරණයේ දී ත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රණය විජයග්‍රහණය වෙනුවෙන් දැනටමත් මාගේ සහෝදර ජා ඇළ ජනතාව මෙන් ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පෙළ ගැසී සිටිනවා යැයි ද සමාජ සේවා අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාව සඳහා ජා ඇළ ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත අබේවික්‍රම, ජා ඇළ නගරාධිපති ශම්මික ඩයස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya