ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රනිල් අගමැති කිරීමට ඡන්දදායකයා සූදානම් නැහැ

    නොවැම්බර් 24, 2014
    එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ මහතා විධායක අගමැති කිරීම සඳහා තමන්ගේ ඡන්දය ලබා දෙන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද දායකයා සූදානම් නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසූයේ ගෙලිඔය, වැලිගල්ල සහ කොස්හින්න ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ උත්සවයන්ට සහභාගී වෙමිනි. 
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන් බලයට පත්වෙලා දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් ඔහු සමඟ විපක්ෂයට යන මන්ත‍්‍රීවරු ගණන අනපේක්ෂිත ලෙස අඩු වීමත් සමඟ පැය 24ක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට මෛත‍්‍රීපාල මහතාට සිදු වෙලා. පැය 24ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ නායකයාට විධායක අගමැතිකම ලබා දෙන්නට ඡන්දය පාවිච්චි කරන්න කැමති මොන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ද? මොන පොදුජන එක්සත් පෙරමුණු පාක්ෂිකයා ද? තමන්ගේ ඡන්දය විහිළුවට ලක් කරන්නට ඉඩ දෙන්නට ඔවුන් කිසිසේත් සූදානම් නැහැ. තමන් ගොනාට අන්දන්නට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ". 
     
    "චන්ද්‍රිකා මැතිනියගේ වෛරී දේශපාලනයේ තවත් එක් ගොදුරක් බවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. චන්ද්‍රිකා - මංගලගේ ගොදුරක් වෙලා ජනතාවගේ අප‍්‍රසාදයට පත්වීමට ලැබීම එතුමාට සිදුවුණු අපහාසයක්. අතිගරු ජනාධිපතිතුමාට ලැබෙන ඡන්ද එකක්වත් මේ නිසා අඩු වන්නේ නැහැ. චන්ද්‍රිකා - මංගලගේ වෛරී දේශපාලනයේ බිලිබෝයි බවට අවාසනාවට පත්වුණේ එතුමා". 
     
    "අනෙක් පැත්තට ජාත්‍යන්තරයේ උවමනා එපාකම් අනුව නටන රූකඩ බවට පත්වීමට එතුමාට සිදුවීමත් කණගාටුවට කාරණාවක්. අපි හොඳින් ම දන්නවා එදා ප‍්‍රභාකරන් කොටු වෙලා ඉන්න වෙලාවේ බි‍්‍රතාන්‍ය විදේශ ඇමති, කැනඩා විදේශ ඇමති ලංකාවට ආපු අවස්ථාවේ වීසා නොමැති බව පවසමින් ඔවුන් ආපසු යවන්නට ක‍්‍රියා කළ අපේ ජනාධිපතිතුමා කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ බද්ධ වෛරයක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් ලංකාවට එන්න හදන කොට ‘මම ආරාධනා කළාම එන්න’ කියලා කියන්න කියන්න තරම් කොන්ද පණ තිබුණු මේ නායකත්වයත් එක්ක ජාත්‍යන්තරය තරහයි. ඒ තරහ පිරිමහ ගන්න බිලිබෝයි කෙනෙක් වෙන්න මෛත‍්‍රීපාල මහතාට සිදුවීම කණගාටුවක්. අද කොටි තහනම ඉවත් කරලා ජාත්‍යන්තරය නටන්න හඬන නාඩගමේ රූකඩයක් වෙන්නට එතුමාට සිදුවීම පිළිබඳ ජනතාව ඉන්නේ කණස්සල්ලෙන්".
     
    පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය දෙන්නේ කවුද යන්න පැහැදිලි ගැටලුවක් බවට පත් ව ඇති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවන් සඳහා උඩුනුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල සෙනෙවිරත්න, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya