ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “කාන්තා හිංසන වැළැක්වීමට හුදු සම්මේලන හෝ ව්‍යාපෘති පමණක් ප්‍රමාණවත් නො වේ ” - මහාචාර්ය ආරියරත්න ඇතුගල

    නොවැම්බර් 27, 2014

    මේ රටේ කාන්තා හිංසන වැළැක්වීමට හුදු සම්මේලන පැවැත්වීම හෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසීය.

    බටහිර රටවලින් මුදල් ලබා දී බටහිර මොඩලයන් ක්‍රියාත්මක කළ පමණින් කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත් ඒ සඳහා අපේ ගැටලුවලට විසඳුම් ලැබෙන අපට අවේණික ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බව ද මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසීය.

     

    මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටු‍ව මඟින් සංවිධානය කර තිබූ “කාන්තා හිංසන අවම කිරීම සඳහා මාධ්‍යයේ කාර්යභාරය” යන මැයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පසුගියදා පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි.

     

    දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන කාන්තා හිංසන වැළැක්වීමේ දින 16 වැඩසටහනට සමගාමීව මෙම වැඩමුළුව පැවැත්විණි.

     

    කාන්තා හිංසනය මාධ්‍යයේ පිළිබිඹු වන ආකාරයත්, එය සමාජය කෙරෙහි බලපාන ආකාරයත්, එම තත්ත්වය ධනාත්මකව වෙනස් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කෙරිණි.

     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා,

     

    “කාන්තා හිංසන වැළැක්වීම සඳහා නෛතික පාර්ශවය මීට වඩා බලගැන්විය යුතුයි. ඒ වගේම එවැනි කරුණු වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ භාෂා භාවිතය පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතුයි. දියුණු මාධ්‍ය භාවිතයේ දී එවැනි ගැටලුවක් විසඳා ගැනීමට මෙන් ම එවැනි ගැටලුවක් වළක්වා ගැනීමටත් උපදෙස් ලබාදෙනවා.

     

    වාර්තාකරණයේ දී කුතුහලය ප්‍රධාන අවිය ලෙස යොදාගන්නවා. ඒ කාරණයට අමතර ව සංවේදන බවක් යොදා ගන්නවා. ඇතැම් විට පුවත් ශීර්ෂයේ තිබෙන කරුණ අන්තර්ගතයේ නැහැ. තරගකාරී මාධ්‍ය භාවිතයේ දී ආචාරධර්ම හා නියාමනයන් පිළිබඳ සැලකිලිමත් නොවන අවස්ථා දැකිය හැකියි.” යැයි ද කියා සිටියේය.

     

    මෙහි දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතා ඇතුළු තවත් ආරාධිතයන් කිහිපදෙනෙකු ද අදහස් දැක්වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya