ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෑම ගමක ම ජනතාවට නිදහස් සාමකාමී ජීවිතයක් දීමේ ගෞරවය ජනපතිටයි

    නොවැම්බර් 27, 2014

    සෑම ගමක ම ජනතාවට නිදහස් සාමකාමී ජීවිතයක් ඇති බවත් මෙම සංවර්ධනයේ ගෞරවය ජනාධිපතිතුමන්ට ලැබිය යුතු බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ බහුකාර්ය මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කළ මාකඳුර ප‍්‍රජාශාලාව ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පසුගියදා පැවති ජන හමුව අමතමිනි.

    2015 වර්ෂය සඳහා ප‍්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 4,800ක් ලබා දුන් බව මෙහිදී අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී. ඊට අතිරේක ව මාර්ග සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් විශාල මුදලක් වැය කරන බවත් සංවර්ධනය ගැන කතා කරන යුගවල දී මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් වෙන් කළේ රුපියල් ලක්ෂ 50ක් බවත් ඒ මහතා පැවසීය.

    මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමාට ගෞරව කිරීම හැර වෙන කාට ගෞරව කළ යුතු දැයි අමාත්‍යවරයා මෙහිදී විමසීය. ජනාධිපතිතුමා පැරැදවීමට හිටපු මහ ලේකම්වරයා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ කටයුතු කරන බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව පවසන බවත් පැවසීය. නමුත් පක්ෂයෙන් ගිය කෙනෙකු පක්ෂයේ යැයි පැවසීම විහිළුවක් යැයි ද පැවසූ ඒ මහතා එම කතාව කිසිදු කෙනෙක් පිළිනොගන්නා බවත් කීය. මෛත‍්‍රීපාල මහතාගේ රැස්වීම්වලට දැන් පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සාමාජිකයින් බවත් පැවසූ ඔහු වසර 10ක් තුළ එක්සත් ජාතික පක්ෂය තම සාමාජිකයින්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇති බව ද පැවසීය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණට වඩා අසරණ වී ඇති බව ද පැවසීය.

    අද වෛරී දේශපාලනයක් නිර්මාණය කර ඇති බවත් ඔවුන් සියල්ල එකතු වී ජනාධිපතිතුමා පැරැදවීමට උත්සාහ ගන්නා බවත් කී අමාත්‍යවරයා මේ කක්කුටු දේශපාලන න්‍යාය එක්සත් ජාතික පක්ෂය, රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කරමින් සිටින බව ද පැවසීය. ජනාධිපතිතුමා ඒකාධිපති පාලනයක් ගෙන යන බව පවසමින් බොරු වපුරන බවත් ඒකාධිපති ක‍්‍රමයක් තුළ මැතිවරණ නොමැති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

    අද මැතිවරණයට ඉදිරිපත් වන මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියට ගෙන ශක්තිමත් රටක් අස්ථාවර කිරීමට කටයුතු කරන බවත් මේ අය අසූචි ඔළුවේ තබාගෙන කටයුතු කරන බවත් එය තමන්ට නොපෙනෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.   


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya