මෙහිදී රුපියල් 10,000ක මුදලක් ප්රදානය කරන අතර එහි පළමු අදියර යටතේ රුපියල් 2500ක් ලබා දීම සිදු කෙරේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන මේ රජයට හැකියාව ලැබී ඇති බවත් ඒ අනුව අපේ රටේ දුප්පත්කම සහමුලින්ම අවසන් කිරීමට ඉතා කෙටිකලකින් හැකියාව ඇති බවත්ය.
විශේෂයෙන් ම අඳුරු කාලය අවසන් කර රට වේගවත් සංවර්ධනයක් ළඟා කර ගැනීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිය නිසා හැකියාව ලැබී ඇත. එය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් කිරීමටත් එළැඹෙන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ජනතාව පෙරමුණ ගෙන ඇති බවත් එම යුතුකම ඉටුකරන්නට මීගමුවේ ජනතාව ලෙස ඉදිරියෙන් ම කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී මීගමුව ආසනයේ ග්‍රාම සේවා කොට්ඨාස තුනක ප්‍රතිලාභීන් 875ක් සඳහා රුපියල් 2,187,500ක මුදලක් මූලික වටයේදී බෙදා දීමට කටයුතු කළේය.
NDH