එම විද්‍යාලයේ විදුහල්පති කේ.එම්.ඩී. නිමලසිරි මහතාගේ උපදේශකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 40 දෙනෙකුට මෙදින නිල ලාංඡන පැළඳවීමට නියමිතය.
හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලය වසර 125ක් ඉපැරණි විදුහලකි. මෙහි මේ වන විට ශිෂ්‍යය ශිෂ්‍යාවන් 800කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන අතර පළමු වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපන කටයුතු සිදුකරයි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ප්‍රදීප් උඳුගොඩ, ජගත් කුමාර, මංජුල බුද්ධදාස යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ගුරු මහත්ම මහත්මීන්, දරු දැරියන් සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB