අප්‍රේල් 23, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී පාද වන්දනා සමයට සියල්ල සූදානම්

    දෙසැම්බර් 02, 2014
    ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් ව ඇති අතර වන්දනා සමය ආරම්භ වීමත් සමඟ ශ්‍රී පාදස්ථානය වෙත මත්පැන්, මත්ද්‍රව්‍ය, සංගීත භාණ්ඩ, පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන නො එන ලෙස වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් පොලිසිය ඉල්ලා සිටී.
     
    පසුගිය වන්දනා සමයන්හි මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් අනතුරු දායක ස්ථානවලින් මෙන් ම පොදු ස්ථාන හැරුණු කොට සෙසු ස්ථානවලින් ස්නානය කිරීමෙන් වැළකී සිටින ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.
     
    උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වී වෙසක් පුර පසළොස්වක පොහොයත් සමඟ අවසන් වන ශ්‍රී පාද වන්දනා සමය මෙවර දෙසැම්බර් 06දා සිට ආරම්භ වන අතර 2015 වෙසක් පුන් පොහොය දිනයෙන් අවසන් වේ.
     
    සෑම වර්ෂයකදීම ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය වෙත පැමිණෙති. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya