ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2015 වර්ෂය සඳහා පාසල් සිසුන්ට පෙළපොත් බෙදා දෙයි

    දෙසැම්බර් 02, 2014

    2015 වර්ෂය සඳහා දිවයිනේ සියලු ම පාසල් සිසුන්ට පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.


    2015 වර්ෂය සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පොත් වර්ග 435ක පිටපත් මිලියන 37.6ක් මුද්‍රණය කර දිවයින පුරා සිටින හතළිස්දෙලක්ෂයකට ආසන්න පාසල් හා පිරිවෙන් ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමට බෙදාහැර ඇති අතර ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,400ක් වැය කර තිබේ. 


    මෙවර 6 සහ 10 ශ්‍රේණිවලට නව විෂය නිර්දේශ යටතේ අලුත්  ම පෙළපොත් සම්පාදනය කර ඇති අතර ඒවා ද අදාළ සිසුන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත. දෘෂ්‍යාබාධිත දරුවන් සඳහා පෙළපොත් ලබාදීම ද මෙහිදී සිදු විය. 

    නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, අධ්‍යාපන ප්‍රකාශක කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන යන මහත්වරු ඇතුළු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya