ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හන්තානට භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුමක්

    දෙසැම්බර් 03, 2014
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොෆ්ටර් යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රවාහන මෙහෙයුම්වල සාර්ථකත්වය හා පළපුරුදු බව තවදුරටත් ප‍්‍රදර්ශනය කරමින් විදුලිබල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවක් සපුරාලමින් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍ර දෙකක් (02) හන්තාන කඳුමුදුන වෙත ප‍්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය පසුගිය දින සමත් විය.
     
    ගුවන් යානයේ එල්ලාගත් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍රයන් අවස්ථා දෙකකදී  කඳුමුදුන වෙත රැගෙන පියාසර කිරිමත් කඳුමුදුන වෙත ගොඩ බෑමත්  මෙම මෙහෙයුම තුළ දී සිදු කරන ලදි.
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණුව හා පළපුරුද්ද මෙහිදී මනාව ප‍්‍රදර්ශනය විය. අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුමේ ප‍්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස පියසර ලුතිතන් ඉෂාන් මහතා කටයුතු කරන ලදි.
     
    අංක 06 පියාසර බලඝණයට අයත් MI 171 SH වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සඳහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථක ව සිදුකර ගැනිම සඳහා එම බලඝණයේ සියලු ම නිලයන් හට විශාල පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya