ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වී වර්ග විස්සක් මෙම මාස් කන්නයේ උතුරු මැද වගාවට

    දෙසැම්බර් 03, 2014

    උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝග මර්දනය සඳහා කාබනික පොහොර යොදා පාරම්පරික දේශීය වී වගා කිරීමට ගොවීන් උනන්දු කිරීමේ අරමුණින් ශ‍්‍රාවස්තිපුර රත්මලේ කුඹුරු යායේ වී වැපිරීම සහ පැළ සිටුවීම විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.


    වී වැපිරීමේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයා පවසා සිටියේ, මහින්ද රාජපක්‍ෂ රජය දේශීයත්වය යළි රට තුළ ස්ථාපිත කිරීමේ කටයුතු අරඹා ඇති බවයි. පාරම්පරික වී වර්ග විස්සක් මෙම මාස් කන්නයේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වගා කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම මාස් කන්නයේ උතුරු මැද පළාතේ ගොවීන් වෙත පාරම්පරික වී වගා කිලෝ ලක්‍ෂයක් නොමිලේ බෙදා දෙමින් සිටින බවත් ඔහු පැවසීය.

    ශ‍්‍රාවස්තිපුර ප‍්‍රගති සේවා පදනම වී වැපිරීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

    මෙම අවස්ථවට විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරු ද සහභාගී වූහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya