ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති නියෝගය පරිදි මාළු සඳහා ස්ථාවර මිලක්

    දෙසැම්බර් 03, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය පරිදි ලංකා ධීවර සංස්ථාව විසින් සහතික කළ අවම මිලක් යටතේ ධීවර කාර්මිකයන්ගෙන් මසුන් මිලදී ගැනීම කි‍්‍රයාත්මක කෙරෙනු ඇත. වැඩ බලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.


    ඒ ඒ ප‍්‍රදේශවල ධීවර කාර්මිකයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ මසුන් මිලදී ගැනීම නිසා පසුගිය දිනවල ධීවර කාර්මිකයන් අතර ගැටුම් ඇති වූ අතර මේ සඳහා ස්ථිර විසඳුමක් ලෙස මෙම සහතික කළ අවම මිලක් තීරණය කිරීමේ වැඩපිළිවෙළ ඇරඹීමට ජනාධිපතිතුමන් විසින් තීරණය කරන ලදී. ඊයේ (02) ධීවර අමාත්‍යාංශයේ දී වැඩ බලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කළ අතර මෙම නව ක‍්‍රමය නිසා කරවල සහ උම්බලකඩ නිෂ්පාදකයන්ට ද සහන උදාවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    ධීවර කාර්මිකයාට යහපත් මිලක් සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලක් ද ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

    ඒ අනුව වැඩි වශයෙන්ම අලෙවි වන මසුන් වර්ග 08ක්, ධීවර සංස්ථා මසුන් මිලදී ගැනීමේ ස්ථාන 30ක දී හා තාවකාලික මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලදී මිලදී ගැනෙනු ඇත.

    ලින්නා කිලෝවක් රුපියල් 160.00ක අවම සහතික මිලකට ද පොතුබරි මසුන් කිලෝව රුපියල් 75.00කට ද හුරුල්ලා (ලොකු) කිලෝව රුපියල් 150.00කට ද කුඩා හුරුල්ලා රුපියල් 110.00කට ද සාලයා ලොකු රුපියල් 80.00කට ද කුඩා රුපියල් 40.00කට ද සූඩයා කිලෝව රුපියල් 40.00කට ද කුම්බලා මාළු කිලෝව (ලොකු) රුපියල් 200.00කට ද කුම්බලා කුඩා මාළු කිලෝව රුපියල් 140.00කට ද බෝල්ලා ලොකු කිලෝව රුපියල් 200.00කටත්- කුඩා රුපියල් 140.00 කටත් පරව් ලොකු කිලෝව රුපියල් 300.00කට සහ පරව් කුඩා රුපියල් 240.00කටත් ධීවර කාර්මිකයන්ගෙන් මිලදී ගනු ඇත.

    මෙසේ මිලදී ගන්නා මසුන් අතරමැදි ග‍්‍රහණයකින් තොරව ධීවර සංස්ථා අලෙවිසැල් 143ක්, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළ, සතොස අලෙවිසැල් හා ධීවර සංස්ථා මසුන් අලෙවි කරන ස්ථාන, ජංගම අලෙවි රථ මඟින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා දෙනු ඇත.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya