ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අධික වර්ෂාවෙන් අවතැන්වූවන්ට හමුදා සහය

    දෙසැම්බර් 04, 2014
    මේ වනවිට සක්‍රීය වී ඇති ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් මුලතිව්, නන්දිකඩාල්, මුල්ලිවෛක්කාල් නැගෙනහිර සහ බටහිර ප්‍රදේශයේ පවුල් 20කට අයත් 50 පමණ සිවිල් වැසියන් පිරිසක් අවතැන්ව ඇත. 
     
    එම පිරිස වෙනුවෙන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය මඟින් අවශ්‍ය පහසුකම් සපයා ඇත.
     
    මේ වනවිට එම පිරිස තාවකාලික ව මුල්ලිවෛක්කාල් චන්ද්‍රන් පෙරපාසලේ නවාතැන් ගන්වා ඇති අතර යුද හමුදාව මඟින් අවශ්‍ය ආහාර පාන මෙන් ම වියළි සලාක, එම වියළි සලාක පිළියෙල කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද සපයා ඇත. 
     
    තවද ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මඟින් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් කානු කපා වැසි ජලය මුහුදට බැස යාමට ද සලස්වා ඇත.
     
    තවද ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මගින් බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් කානු කපා වැසි ජලය මුහුදට බැස යාමට ද සලස්වා ඇත.
     
    DB/MOD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya