ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කන්තලේ සීනි කම්හල් සිහිනය ළඟදීම සැබෑ වෙනවා

    දෙසැම්බර් 04, 2014

    (කන්තලේ සීනිපුර සිට) කන්තලේ සීනි කම්හල් සිහිනය සැබෑවන දිනය වැඩි ඈතක නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා රුපියල් මිලියන 5000ක් මෙවර අයවැයෙන් ලබා දී ඇති බවත් සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

    ඉදිකිරීමට නියමිත කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලංකාවේ වටිනාම කර්මාන්තශලාව බවට පත් කිරීමට සහතික වන බව අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා අද (4) කන්තලේ දී පවසා සිටියේ වසර 30කට පසු කන්තලේ සීනි කර්මාන්තය නැවත බලගැන්වීම වෙනුවෙන් පැවති සමාරම්භක මහජන හමුවට සහභාගී වෙමිනි.

     

    දේශීය කෘෂිකර්මය නගාසිටුවන - දේශීය සීනි නිෂ්පාදනයේ විප්ලවීය ඇරඹුමක් යන මැයෙන් පැවති උළෙලේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි මාස 16 ඇතුළත පැරණි කර්මාන්ත ශාලාව පිහිටි ස්ථානයේ ම නැවත ස්ථාපිත කරන බවයි.

     

    කන්තලේ සීනිපුර ගොවිබිමේ දී අද උදෑසන නැවත උක් වගාව ඇරඹීම සංකේතවත් කරමින් උක් බීජ රෝපණයට ද අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිස එක් වූහ.

     

    අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික පූජක උතුමන් ද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිල‍මේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියද් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර, ලංකා සීනි සමාගමේ සභාපති ආචාර්ය කීර්ති කොටගම, කන්තලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල නුවන් අතුකෝරල ඇතුළු ආරාධිතයින් පිරිසක් ද මහජනතාව විශාල පිරිසක් ද මේ

    අවස්ථාවට සහභාගී වූහ.

     

    HC/UW/PBK

    Kantale suger industry

     

    Kantale suger industry

     

    Kantale suger industry 2

     

    Kantale suger industry 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya