ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමූපකාර සමිතියේ පළමු වැඩසටහන අද කොටගල දී

    දෙසැම්බර් 05, 2014

    කඳුකරයේ වෙසෙන වතු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඇරඹි ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමූපකාර සමිතියේ පළමු වැඩසටහන අද (04) කොටගල දී ආරම්භ කෙරිණි. ඒ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමූපකාර සමිතියේ සාමාජිකත්වය ලබා ගෙන සිටි  රැකියා වියුක්ත තරුණ තරුණියන් හට ස්වයංරැකියාවක් ලෙස අර්තාපල් වගා කිරීම සඳහා නොමිලේ අර්තාපල් බීජ පැකට් ලබා දෙන ලදී.

     

    නොමිලේ සැපයූ ඉතා උසස් වර්ගයේ මෙම අර්තාපල් බීජ මඟින් ඉතා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර ප්‍රතිලාභීන් 40 දෙනෙකුට මෙම බීජ බෙදා දීම පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොටගල කෝවිල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

     

    මෙය මෙම වැඩසටහනේ පළමු අදියරය වන අතර, මේ යටතේ අදියර කිහිපයකින් මහනුවර, රත්නපුර, කෑගල්ල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමූපකාර සමිතියේ සාමජිකත්වය ලබා ගත් රැකියා වියුක්ත තරුණ තරුණියන් හට සහ ස්වයංරැකිය කරන තරුණ තරුණියන් හට ස්වයංරැකියා දිරිගැන්වීමක් ලෙස විවිධ බීජ පැකට් ලබා දීමට නියමිතය.

     

    සෞම්‍යමූර්ති තොන්ඩමාන් අනුස්මරණ පදනම මඟින් මෙහෙයවනු ලබන ප්‍රජා ශක්ති, නව ශක්ති ව්‍යාපෘති මඟින් කඳුකරයේ වෙසෙන වතු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ අනුව එහි තවත් එක් වැඩසටහනක් ලෙස 2014 වර්ෂයේ මැද භාගයේ "ප්‍රජා ශක්ති තරුණ අභිවෘද්ධි සමූපකාර සමිතිය" නමින් සමූපකාර සමිතියක් ආරම්භ කරන ලදී.

     

    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලංගම් මහතා, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාමසාමි මහතා සහ මධ්‍යම පළාත් සභිකයන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya