ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නගරයට මෙන් ම ගමටත් සංවර්ධනය ගෙන ගියේ වත්මන් රජයයි

    දෙසැම්බර් 05, 2014

    නගරයට මෙන් ම ගමටත් සංවර්ධනය ගෙන ගියේ වත්මන් රජය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා වැලිගම, වලාන - කූඩළුමුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් ලක්ෂ 450කි.


    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍යතුමා රටේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. යම් කාර්යයක් සිදු කරන්නේ නම් වඩාත් වැදගත් වන්නේ එම කාර්යය නිවැරදිව සිදු කිරීමයි. විශාල මුදලක් වැයකර මාර්ග ඉදිකිරීමේ දී එම ඉදිකිරීම් දීර්ඝ කාලයක් සඳහා ඔරොත්තු දිය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ මහජන මුදල් නාස්ති වීමයි. වලාන - කූඩළුමුල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන ලෙස කළ ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස අනුමත කළා. මෙම ව්‍යාපෘතිය සඳහා කඩිනමින් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර දුන් බවත් ඔහු කීය. 

    රජය සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාවට නගන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන නො වේ. මෙය ක‍්‍රමානුකූලව සිදු කරගෙන ආ කාර්යයන්වල එක් පියවරක් පමණි. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි කාලයේ බෝක්කුවක් හෝ තැනීමට මුදල් වෙන් කළේ නැහැ. වත්මන් රජය බලයට පත් වූ දා සිට ම සංවර්ධන ක‍්‍රියාදාමය ආරම්භ කළේය. මේ වන විට නගරයේ සංවර්ධන කටයුතු නිමවෙමින් පවතී. දැන් ඇත්තේ ගම තුළ සංවර්ධන කාර්යයන් සිදු කිරීමටයි. නගරයට පමණක් සීමා වූ සංවර්ධනය ගමටත් ගෙන ගියේ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයයි. විරුද්ධ පාක්ෂිකයන්ට උහුලා ගත නොහැක්කේ රටේ සංවර්ධනයයි. තමන්ට කළ නොහැකි කාර්යයන් වත්මන් රජය විසින් ඉටු කිරීම නිසා විපක්ෂයට චෝදනා නැගීමට අවස්ථාවක් නැත. එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ පක්ෂයෙන්  අපේක්ෂකයෙක් පත් කර ගැනීමට තරම්වත් හැකියාවක් නැහැ. ඉන් පැහැදිලි වන්නේ පක්ෂයේ බංකොළොත් භාවයයි. ඔවුන් පොදු අපේක්ෂකයා තෝරා ගත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සාමාජිකයෙක්. ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් ඡන්දයක් හෝ ලබා ගත නොහැක. පොදු අපේක්ෂකයා කවුරු වුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලැබෙන්නේ ජනාධිපතිතුමාට පමණි. පොදු අපේක්ෂකයා ප‍්‍රකාශ කරන්නේ දින සියයකින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවයි. නමුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක අනුමැතිය ලබා ගත යුතුයි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පියවරෙන් පියවර නීත්‍යානුකූලව ඉටුකළ යුතු සුවිශේෂී ක‍්‍රියාවලියකි. එබැවින් පොදු අපේක්ෂකයාගේ අපේක්ෂාව පදනම් විරහිතයි.

    කිසිවකුට රට අරාජික කිරීමට අප ඉඩදිය යුතු නැහැ. අපට අවශ්‍ය වන්නේ ප‍්‍රබල ශක්තිමත් නායකයෙකි. කිසිවකු විසින් මෙහෙයවන රූකඩ නායකයෙකුට අපේ රට පාලනය කිරීමට ඉඩ දියයුතු නැත. මෛත‍්‍රීපාල මහතා එක් පසෙකින් එක්සත් ජාතික පක්ෂයේ විලංගුවලට නතුව සිටී. තවත් අතෙකින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනියගේ විලංගුවල ගොදුරක් වී තිබේ. එමෙන්ම අන්තර්ජාතික බලවේග විසින් ද විලංගු ලා තිබේ. ජාතික හෙළ උරුමය ද තවත් විලංගුවක් වී තිබේ. මෙවැනි නායකයෙකුගෙන් කිසිදු ප‍්‍රයෝජනයක් නැත. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබා ගැනීම සිහිනයක් පමණි. ස්ථාවර රජයක් සමඟ රටේ ඉදිරි ගමන යනවාද නැත්නම් එය අතහැර අවිනිශ්චිත ගමනකට මුලපුරනවාද යන්න නුවණින් විමසා බැලීම ජනතාවගේ වගකීමකි. රටේ ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත සටහනක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණි. විපක්ෂයට අවශ්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කිරීමට කුමක් හෝ අටමගලයක් අටවා ගැනීමට පමණි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පළාත් සභාව පිහිටුවීමට ගනු ලැබූ තීරණය හදවතින් ගත් තීරණයක් නො වේ. එය ඉන්දියාවේ බලපෑම් නිසා සිදු වූවකි. තවද රටේ බෙදුම්වාදය අවසන් කළ නිදහස් නිවහල් දේශයක් බිහි කළ නායකයෙක් වශයෙන් එතුමාට ජනතා ප‍්‍රසාදයේ අඩුවක් නැත. දැන් උදා වී ඇත්තේ තීරණාත්මක අවධියක් බවත් එහි දී ජනතාව විසින් නිවැරදි තීරණය ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya