ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඇමැති විමල්ගෙන් පොදු අපේක්ෂකයාට අභියෝගයක්

    දෙසැම්බර් 06, 2014
    13 වන සංශෝධනය පිළිබඳ ව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැහැදිලි මතය කරුණාකර මහජනතාවට ප්‍රකාශ කරන ලෙස අභියෝග කරන බව ඉදිකිරීම් ,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) දෙමටගොඩ, සිරිධම්ම මාවත, මහා විසුද්ධාරාම විහාරස්ථානයේ දී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
     
    "13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවාද? එහෙම නැත්නම් එහි බෙදුම්වාදයට හිතවාදී වගන්ති ඉවත් කරනවාද? එහෙම නැත්නම් 13 වන සංශෝධනය මුළුමනින් ම අහෝසි කරනවාද? පිළිබඳ ව සිරිසේන මහතාගේ මතය දෙපැත්තට වැනෙන්නේ නැති ව පැහැදිලි ව ප්‍රකාශ කරන ලෙසද විමල් වීරවංශ මහතා අභියෝග කළේය.
     
    රාජපක්ෂ ජනාධිපතිතුමාව පරද්දන පාපකර්මයට ජවිපේ අතගහන්නෙත් නැහැ. අත නොගහා වැඩේ කරන්න බලන්නේ. ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණ ගන්නේ නැත්තේ ඒ අය දන්නවා මේ කල්ලිය රටේ බලය ගත්තොත් ජාතියක් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් සමගියෙන් ඉදිරියට යන රට ආපස්සට ගෙනියන්න කටයුතු කරනවා කියලා.
     
    ලිබියාවේ ගඩාෆිගේ පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය මදි කියලා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය හදන්න බටහිර ආධාර අරගෙන විවිධ කල්ලි පාරට බැස්සා. දැන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයත් නැහැ. ගඩාෆිගේ කාලයේ ලැබුණු දේවලුත් නැහැ. ගඩාෆිගේ කාලයේ සාමය තිබුණා, දැන් සාමයත් නැහැ. ගඩාෆිගේ කාලයේ විදුලිබලය නිවාසවලට නොමිලේ දුන්නා, නමුත් දැන් නැහැ. මෝටර් රථයක් හැම පවුලකට ම දුන්නා. ඉන්ධන කෝටාව හැම පවුලකට ම දුන්නා. පූර්ණ නිදහස් අධ්‍යාපනය සතයක්වත් ලබාගන්නේ නැතුව දුන්නා, දැන් කිසිවක් නැහැ. ගඩාෆි ජනාධිපතිවරයාගේ කාලයේ විශ්වවිද්‍යාලවල ඉඩ මදි නම් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තිබුණු අවස්ථාවත් දැන් නැහැ. දැන් තෙල් සම්පත් ටික බටහිර රටවල් අල්ල ගත්තා. ගෝත්‍ර හැටියට ඒ රටේ පිරිස් එකිනෙකා දැන් මරාගන්නවා. ගඩාෆිගෙන් නොලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා කැරට් අලය පෙන්නලා තමයි ඒ ජනතාව පාරට බැස්සුවේ. ඇවිස්සුණු ජනතාවට බටහිරින් ආයුධ දුන්නා. නමුත් ගඩාෆිගෙන් ලැබුණු දේ වත් දැන් ඒ රටට ලැබෙන්නේ නැහැ. දැන් මේ රටට කරන්න යන්නෙත් ඒකනේ. ආර්ථීකය වැටිලා කියලා කියන්න බැහැ, රට බෙදනවා යුද්ධයෙන් පරාදයි කියන්න බැහැ, හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලා දැන් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩුවක් නම් මේ රටේ ජනතාවට දැනෙන්නේ නැහැ නමුත් දේශපාලනය කරන තර්ක හදන අයට දැනෙනවා ඇති. හදිසි නීතිය ඉවත් කළේ මේ රජය. දැන් දෙමළ සහෝදරයෙකුට බයක්  සැකක් නැතුව  පාරවල්වල යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. 
     
    අපිට පැහැදිලිව පේනවා මේ අර ලිබියාවේ ගඩාෆිගෙන් නොලැබුණු දේ ගන්න කියලා  මායාවක් මවලා, ගඩාෆිගෙ පාලනයෙන් ලැබුණු දේත් ඒ ජාතියට නැති කරලා, බටහිර රටවල් සාරය කොල්ලකන්න හදපු සැලැස්මේ ම ශ්‍රී ලංකා මෙහෙයුම මේ එන්නේ. 
     
    2010දී සතුරන්ට බැරිවුණු රට අරාජික හා අස්ථාවර කිරීමේ මෙහෙයුම අලුත් වටයකින් දියත් කරන්න. යුද්ධයෙන් පසු ගෙවුණු අවුරුදු 4 තුළ දශක 5 කට වඩා වැඩ කළ ආණ්ඩුවක්.  විශාල දියුණුවක් ගෙනා ආණ්ඩුවක්. අද මේ ගම්වලට ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන, සෑම වසරක ම ගම්වලට නැණසල 1000ක්, මහින්දෝදය තාක්ෂණාගාර 1000ක් මේ වසරේ දී පමණක් ලබාදුන් රජයක්. 
     
    එපමණක් නො වේ. වාරිමාර්ග යෝජනා ක්‍රම, විදුලි බලාගාර, වරාය, ගුවන්තොටුපළ විශාල සංවර්ධන ව්‍යාපාති හැම පැත්තට ම විහිදිලා තියෙනවා. දැන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කරගෙන යනවා. ඒ මගින් පවුල් දස දහස් ගණනකට රැකියා ලැබෙනවා. මෙහෙම සංවර්ධනයක් ජාතීන් අතර සමගියක් ඇතිවෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ.  
     
     
    කපටි, ලස්සන සටන් පාඨ දැම්මට රට අරාජික කරන ගමනක් නිර්මාණය කරන්න මේ අය බලන්නේ යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික අඩු පහසුකම් ජනාවාසවල වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.  
     
    කොළඹ දිස්‍ත්‍රික්කය පුරා ආරම්භ වන ජන සෙවණ ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන 26 සඳහා රුපියල් මිලියන 10කට අධික මුදලක් වැය වී තිබේ.
     
    ඊට අමතර ව විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මෙහෙයවීමෙන්  ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  ක්‍රියාත්මක කරන නැණසල මධ්‍යස්ථාන 7ක් ජනතා අයිතියට පත් කිරීමද මෙදින සිදුකෙරිණ. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැයකළ මුදල රුපියල් මිලියන 7කි.
     
    අඩු පහසුකම් ජනාවාස වැසියන්ගේ පරිගණක දැනුම. ඉංග්‍රීසි දැනුම, සෞන්දර්ය කලා කුසලතා හා වෘත්තීය දැනුම හා පුහුණුව වර්ධනය කිරීම, ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම හා සමාජ සම්බන්ධතා වර්ධනය කරන උපදේශන මධ්‍යස්ථානයක් ලෙස මෙම මධ්‍යස්ථාන ආරම්භ කර පවත්වාගෙන යාමේ අරමුණු වේ. 
     
    මෙම වැඩසටහන යටතේ මහා විසුද්ධාරාම විහාරය, ශ්‍රී වික්‍රමාරාම විහාරය, කැලණි නදී විහාරය, නවගම්පුර ප්‍රජා ශාලාව, සමාධි ධර්මායතනය, බුරුම විහාරය, බෝධිරාජාරාම විහාරය, සේදවත්ත ස්වර්ණපාලි බෞද්ධ මධ්‍යස්ථානය,  ශ්‍රී බෝධිරාජාරාම විහාරය (දෙමටගොඩ), ධර්මකිත්තියාරාම විහාරය, අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය, කදිරානවත්ත ප්‍රජා ශාලාව, නවම් මාවත ප්‍රජා ශාලාව, සහස්‍රපුර ප්‍රජා ශාලාව,  ටී 20 වත්ත ප්‍රජා ශාලාව, තුන් අඳහේන පෙලෙන්ගහවත්ත ප්‍රජා ශාලාව, ශ්‍රී හත්බෝධිය විහාරස්ථානය, කිරුළපුර ප්‍රජාශාලාව, උද්‍යානපුර ප්‍රජාශාලාව, අශෝක බෞද්ධ මධ්‍යස්ථානය, ආරියවංශාරාමය, ගල්වල පාර ප්‍රජා ශාලාව, සමුද්‍ර ශක්ති මහල් නිවාස සංකීර්ණය, උසාවිවත්ත ප්‍රජාශාලාව, දාබරේ මාවත “නිදහස් මිතුරෝ” සංවිධානය යන ආයතනවලට හිමිකම්පත් ප්‍රදානය ද මෙදින දී සිදුකෙරිණ.
     
    මෙම අවස්ථාවට ප්‍රධාන ලේඛකාධිකාරී - තිඹිරිගස්යාය ශාසනාරක්ෂක විහාරාධිපති, කෘත්‍යාධිකාරී, ප්‍රධානාචාර්ය මහා විසුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙනෙහි ශාස්ත්‍රවේදී වැලිමඩ ශාන්ත ස්ථවීර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ඊට අමතරව කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී. එච්. එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජනසෙවණ මහලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya