ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලෝක කඳුකර දිනය නිමිත්තෙන් අද හපුතලේ කඳු මුදුනේ සැමරුමක්

    දෙසැම්බර් 07, 2014

    සෑම වර්ෂයකම දෙසැම්බර් මස 11 වැනි දිනට යෙදෙන ලෝක කඳුකර දිනය වෙනුවෙන් “ප්‍රභව කඳු තරණය 2014“ නමින් විශේෂ සැමරුම් උත්සවයක් අද (07) හපුතලේ කඳු මුදුනේදි පැවැත්වේ.


    ‘අවධානමට පෙර සුදානම - සුන්දර කඳුකරය හඳුනාගමු.‘ යන්න මෙවර ජාතික කඳුකර දිනයේ තේමාව කරගනිමින් මෙම වැඩ සටහන් සංවිධානය කර ඇත.


    ජාත්‍යන්තර කඳුකර දිනය ශ්‍රී ලංකාවේ සමරන එකම සංවිධානය වන “ප්‍රභව සංවිධානය“ විසින් මෙම කඳුකර දින සැමරුම සංවිධානය කරනු ලබන අතර දෙසැම්බර් මාසය පුරා කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පරිසර ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම් ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
     

    2002 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් 11 වන දින ලෝක කඳුකර දිනය ලෙස සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පියවර ගනු ලැබ තිබේ. ලෝක කඳුකර දිනය පිළිබඳව ජනතාවගේ වැඩි අවධානයක් යොමු නොවුණත් 2010 දී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කඳුකර දිනය සැමරීමට කඳුකරයෙන් බිහිවු ප්‍රභව සංවිධානය පියවර ගත්තේය. එමඟින් සෑම වසරකම ජාත්‍යන්තර කඳුකර දින සැමරුම් උත්සවය මුහුදු මට්ටමේ සිට අඩි 5860 උසින් පිහිටි හපුතලේ කඳු මුදුනේ ළමා තරුණ හා වැඩිහිටි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.


    මෙවර ද අද උදෑසන 8.30ට හපුතලේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය අභියසදී පරිසර හිතකාමින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරම්භක උත්සවයෙන් පසු “ප්‍රභව කඳු තරණය“ ආරම්භ වන අතර විවිධ වු පාරිසරික අත්දැකීම් හා ක්‍රියාකාරකම් සිදුකරමින් එම පිරිස අඩි 5860 පිහිටි හපුතලේ කඳු මුදුනට යාම සිදු කෙරේ. ඉන් අනතුරුව කඳු මුදුනේදි ජාත්‍යන්තර කඳුකර දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya