ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ළමා අපයෝජන වැළැක්වීමට ගුරුවරුන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක්

    දෙසැම්බර් 08, 2014

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා ගුරුවරුන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පදවිය පරාක්‍රමපුර මහා විද්‍යාලයේ දී පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    ඒ අනුව ප්‍රථම වැඩසටහන සඳහා පදවිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 17ක ගුරුවර ගුරුවරියන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ළමා සංවර්ධන හා  කාන්තා කටයුතු අමාත්‍යාංශයට ළමා අපයෝජන වැළැක්වීම සඳහා මේ වසරේ දී ලබා දී ඇති රුපියල් මිලියන 700ක විශේෂ  ප්‍රතිපාදන යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ දුෂ්කර අධ්‍යාපන කලාප තෝරාගෙන දුෂ්කර පාසල් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එය ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට ද නියමිත ය.

     

    ළමා අපයෝජන වැළැක්වීම සහ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට එදා මෙන්ම අදත් විශාල කාර්ය භාර්යන් සිදුකරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මෙම වැඩසටහනට එක්වෙමින් පැවසීය.

     

    තව දුරටත් අදහස් දැක්වූ අමත්‍ය තිස්ස කරලියද්ද මහතා,

     

    “පදවිය වගේ දුෂ්කර පළාත්වල ප්‍රධාන අදායම් මාර්ගය කෘෂි කර්මාන්තයයි. ආර්ථික අතින් ඉතා දුගී මට්ටම්වලින් සිටින දරුවන්ට එකම පිටුවහල වන්නේ අධ්‍යාපනයෙන් ඉහළටම යාම යි. ජීවිත ජයගන්න නිදහස් අධ්‍යාපනය ගමේ දුප්පත් දරුවන්ට විශාල ආශිර්වාදයක් වෙලා. ඒ වගේම  නගරයේ ප්‍රධාන පෙළේ පාසල් වල ඇති සියලුම පහසුකම් අද ගමේ දරුවන්ටත් ලබා දීමට හැකි වී තිබෙනවා.

     

    දියුණුයැයි සම්මත රටවල්වල ළමා අපයෝජන අපේ රටට වඩා විශාල වශයෙන් සිදුවූවත් අප රටේ සිදුවන අපයෝජනයන් හුවා දක්වමින් ඇතැම් රටවල් අප රට පහත් තත්ත්වයට පත්කිරීමේ අසාර්ථක උත්සාහයන්වල නිරත වී සිටිනවා.

     

    දරුවන්ව අනාරක්ෂිත වන සෑම දොරටුවක්ම වසා, හැකි උපරිම අයුරින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය තුළ ඇති ආයතනයන් මඟින් ද කටයුතු කරනවා. ඉදිරියටත් හැකි උපරිම මට්ටමින් ළමුන් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.“ යැයි පැවසීය.
     


    එදිනම මෙම වැඩසටහනට සමඟාමීව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් යමුනා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ‘ඇක්ට් 4‘ (ACT 4) ආයතනය විසින් ළමා අපයෝජනයන් වළක්වා ගැනීම සඳහා  නාට්‍යමය අනුසාරයෙන් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පදවිය මහසෙන් විද්‍යාලයේ හා අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ පැවැත්විණි.

     

    පදවිය පරාක්‍රමපුර මහා විද්‍යාලයේ ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනට උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස් විශාලා එස්. ජයවර්ධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නිර්මලි කුමාරගේ, පදවිය පරාක්‍රමපුර විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ.එස්. කුමාරගේ, පදවිය පොලිස් ස්ථානාධිපති චන්දන කුමාර යන මහත්ම මහත්වරු ඇතුළු පදවිය ප්‍රදේශයේ පාසල්වල ගුරුභවතු රැසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    SDF

    Child abuse1        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya