ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2014 ජාතික ගොවි සතියට සමගාමීව බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයක්

    දෙසැම්බර් 09, 2014

    රන් අස්වනු පූදින නිල්වලා අරුණෝදය - 2014 ජාතික ගොවි සතිය සහ කෘෂිකාර්මික ප‍්‍රදර්ශනයට සමගාමීව මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක විය.


    මෙවර පැවති කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය තවත් සාම්ප‍්‍රදායික ප‍්‍රදර්ශනයක් පමණක් ම නොවූයේ මේ තුළින් මාතර දිස්ත‍්‍රික්කයේ ගොවි ප‍්‍රජාව වෙනුවෙන් දිගු කාලීන ප‍්‍රතිඵල රැසක් අත් වූ නිසාය. අක්කර 45ක පමණ වූ භූමි ප‍්‍රමාණයක් පුරා පැවති මාතර තෙලිජ්ජවිල කෘෂිකාර්මික ප‍්‍රදර්ශන භූමිය කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට උරදෙන මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව එම ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කළ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

    මහින්ද චින්තන ඉදිරි වැඩසටහනේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය යටතේ සඳහන් කර ඇත්තේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලබතාව ඇති කරන බවයි. එය යථාර්ථවත් කරමින් බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණවලින් අවශ්‍ය අවස්ථාවල දී සාධාරණ මිල ගණන් යටතේ ගොවි ජනතාව වෙත ලබා දීම සඳහාය. 

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ බීජ නිෂ්පාදනයට එක් වී ප‍්‍රදේශය තුළ දී දේශීය බීජ සුලබතාව වැඩි කරගැනීමට දායකත්වය සැපයීමේ අවස්ථාව මේ යටතේ ප‍්‍රදේශයේ ගොවීන්හට සිදු වේ. තවද කාෂිකර්ම යෙදවුම් අලෙවි කිරීම සඳහා ප‍්‍රදේශයේ සිටින ඊට උනන්දුවක් හා හැකියාවක් ඇති අයහට අලෙවි නියෝජිතයෙකු ලෙස කෘෂිකර්ම දෙපාර්මේන්තුව හා එක්වී තම ප‍්‍රදේශයේ උසස් ප‍්‍රමිතියෙන් යුතු සහතික කරන ලද බීජ වර්ග සුලබ කිරීමටත් ඒ තුළින් ආදායමක් ලබා ගැනීමටත් මේ යටතේ අවස්ථාව උදා වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya