ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිතුමා තරම් සුළු ජාතීන්ට සැලකූ උදාර රාජ්‍ය නායකයෙකු මෙරට පහළ වූයේ නෑ

    දෙසැම්බර් 09, 2014

    ශ‍්‍රී ලංකාවේ සුළු ජාතීන් අසීමිතව ජනාධිපතිතුමාට ආදරය කරන බවත් ජාතිවාදය තුරන් කළ ජනාධිපතිතුමා තරම් සුළු ජාතීන්ට සැලකූ උදාර රාජ්‍ය නායකයෙකු මෙරට පහළ වූයේ නැති බවත් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    ඒ.එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පදවිය පූජා කර ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවීම මුස්ලිම් ජාතියේම ගෞරවයට හේතු වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ මුස්ලිම් ප‍්‍රජාව දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

    එහිදි ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. වසර දහස් ගණනක් උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනතාව පැය හතක් ඇතුළත උතුරෙන් පළවා හැරීමට ප‍්‍රභාකරන් කටයුතු කළා. උපන් බිමේ අනාථයන් බවට පත් වූ යාපනයේ මුස්ලිම් ජනතාව මෑතක් වන තුරුම පුත්තලමේ අනාථ කඳවුරුවල දුක්වින්ඳා. නැගෙනහිර මුස්ලිම් ගම්මානවලට කඩා පනිමින් ද ආගමික වතාවත්වල යෙදී සිටි පල්ලිවලට කඩා පනිමින්ද ත‍්‍රස්තවාදීන් අහිංසක මුස්ලිම් මිනිසුන් කපා කොටා ඝාතනය කළා. 30 වසරක් නැගෙනහිර අනාථ කඳවුරුවල හෝ ප‍්‍රදේශයෙන් පිට ජීවත් වූ මුස්ලිම් ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා යැයි ඔහු පැවසීය.

    මානුෂික මෙහෙයුමේදී ජනාධිපතිතුමා පළමුව මුදා ගත්තේ නැගෙනහිර පළාතයි. සාමය උදාවීමෙන් පසු නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම උදෙසා නැගෙනහිර නවෝදය අරඹා නැගෙනහිර පළාත විස්මිත සංවර්ධනයකට යොමු කළා. ජාතිවාදීන් ජාතිවාදයත් ආගම්වාදයත් පැතිරීමට කටයුතු කළ හැම අවස්ථාවකදීම ජනාධිපතිතුමා මුස්ලිම් ජාතිය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළා. නිදහසින් පසු මුස්ලිම් ප‍්‍රජාවට උදාර මෙහෙවරක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කෙරෙහි අසීමිතව ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම මැතිවරණයේදී එතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වීම කලගුණ සැලකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya