ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජපක්ෂ පවුලට විරුද්ධ ව නැඟෙන චෝදනා අසත්‍යයක්

    දෙසැම්බර් 10, 2014
    රාජපක්ෂ පවුලට විරුද්ධ ව ප‍්‍රධාන වශයෙන් පවුල් දේශපාලනය පිළිබඳ ව චෝදනා කරන බවත් නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගිය දින උඩුනුවර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
     
    "අද දේශපාලනයේ ඉන්න මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මේ අය දේශපාලනයට එන්නේ විවිධ ක‍්‍රම ඔස්සේ. එදා මුල්කිරිගල ආසනයට සංවිධායකවරයෙක් හොයන අවස්ථාවේ මට පැවරුණා ජනතාවගේ කැමැත්ත කුමක්ද කියලා හොයලා බලන්න. මම හැම ශාඛා සමිතියකට ම ගිහින් විමසුවා. 
    හැමෝගෙම ඉල්ලීම තිබ්බේ මහින්ද රාජපක්ෂ. නමුත් එතුමා ඒ වනවිටත් බෙලිඅත්ත සංවිධායකකම අරගෙනයි තිබ්බේ. ඒ වෙනකොට පොලිස් සේවයේ හිටපු චමල් රාජපක්ෂ මහතා පොලිස් සේවයෙන් ඉවත් කරලා තමයි බණ්ඩාරනායක මැතිණිය විසින් එතුමාව දේශපාලනයට ගෙනාවේ. අනුර බණ්ඩානායක මහත්මා තමයි බැසිල් රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙනාවේ. ඒ වගේ ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව නිරූපමා රාජපක්ෂව ගෙනාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යි. ඉතින් කොහොමද මේක පවුල් පාලනයක් කියන්නේ". 
     
    "නියම පවුල් පාලනයක් පොලොන්නරුවේ නම් තිබෙනවා. ඒක තමයි මෛත‍්‍රිගේ සහෝදරයන්ගේ පාලනය. එක් පැත්තකින් ඇමති අයියා. අනෙක් පැත්තෙන් සහල් ඒකාධිකාරය තියාගෙන එක් සහෝදරයෙක් ඉන්නවා. අනෙක් සහෝදරයා වැලි ඒකාධිකාරය තියාගෙන ඉන්නවා. තවත් සහෝදරයෙක් ගල් ඒකාධිකාරය තියාගෙන ඉන්නවා. අනෙක් සහෝදරයා කැලෑ කපමින් ගස් ඒකාධිකාරය තියාගෙන ඉන්නවා, මේ ගොල්ලෝ තමයි පොලොන්නරුවේ රජ කරන්නේ. එක පැත්තකින් වැලි රජ්ජුරුවෝ, තව පැත්තකින් හාල් රජ්ජුරුවෝ, තව පැත්තකින් ගල් රජ්ජුරුවෝ සහ තවත් පැත්තකින් ගස් රජ්ජුරුවෝ. නියම පවුල් පාලනයක් තිබෙන්නේ මෙන්න මෙතන නෙමෙයි ද?".
     
    "පොදු අපේක්ෂකයත් එක්ක ඉන්න උදවිය කියනවා මෛත‍්‍රීපාල මහතා බලයට ආවොත් දින 100කින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් ඇත්ත ඒක නොවෙයි. අපි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව වෙනස් කරන්නට පාර්ලිමේන්තු කොමිසමක් පත් කළ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, හෙළ උරුමය මේ පිළිබඳ ව යෝජනාවක්වත් ගෙනාවේ නැහැ. ඒවාට නිසියාකාර ව සහභාගී වුණේවත් නැහැ. මේ අයට හදිස්සි වෙලා තිබෙන්නේ දැනුයි".
     
    "මේ ජනාධිපතික‍්‍රමය වෙනස් කරන්නට අදත් හෙටත් මේ ක‍්‍රමය යටතේ ජනාධිපතිවරයකුට බැහැ. ඒක ජේ.ආර්. ජයවර්ධනටවත්, පේ‍්‍රමදාසටවත්, චන්ද්‍රිකාටවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටවත් බැහැ. ඒක පාර්ලිමේන්තු කමිටු එක්ක සාකච්ඡා කරලා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අරගෙන මිසක් කළ 
    නොහැකියි".
     
    අපි අද දියුණු වෙන ජාතියක් බවත් ඒ සියලු දේ ආපස්සට හරවන්න ඉඩ දෙන්න එපා යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය. 
     
    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, උඩුනුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල සෙනෙවිරත්න ඇතුළු මන්ත‍්‍රීවරු සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික සාමාජිකාවන් 2500කට අධික පිරිසක් ද සහභාගි වූහ. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya