ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහනක් 12 වැනිදා මාතර - වැලිපිටියේ දී

    දෙසැම්බර් 11, 2014

    ශ‍්‍රම වෙළඳපොළ තුළ පවත්නා රැකියා අවස්ථා හඳුනාගෙන මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් ඒ වෙත යොමු කර ජාතික සංවර්ධනයට දායක කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් දෙසැම්බර් 12 වැනිදා පෙ.ව. 9. 00ට මාතර - වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වේ.

    රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් රැකියා සේවා සපයන පෞද්ගලික ආයතන සහ රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් එක් ස්ථානයකදී මුණගැස්වීම මෙහිදී සිදුකෙරේ.

     

    වෘත්තීය පුහුණු ආයතන ද මේ අවස්ථාවට සම්බන්ධ වන බැවින් වෘත්තීය මාර්ගෝපදේශකත්වය හා වෘත්තීය පුහුණු අවස්ථා වෙත යොමු වීමට අපේෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ද අවස්ථාව හිමි වේ.

     

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා වැලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන බව මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ පරණමාන මහතා පවසයි.

    MAP/TI_ds_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya