ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලබන ජනවාරි සිට සියලු ම විද්‍යාපීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 4000 දක්වා වැඩි කරනවා

    දෙසැම්බර් 11, 2014

    සමස්ත ලාංකීය අධ්‍යපනයේ දැවැන්ත හැරවුමක් සිදුවන මේ අවධියේ දී  විද්‍යාපීඨ ඉතිහාසයේ ද විප්ලවීය වෙනසක් සිදුවන බවත් ලබන වසරේ ජනවාරි සිට සියලු ම විද්‍යාපීඨ සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 4000 දක්වා වැඩි කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 


    දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ හය වැනි අදියර යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 18හි ම ආදර්ශ ගොවිපොළ ස්ථාපනය කිරීම සහ එම විද්‍යාපීඨ සඳහා ට්‍රැක්ටර් බෙදාදීමේ මහෝත්සවය, අධ්‍යාපන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ගම්පහ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වූ අතර එහිදී අමාත්‍යතුමා මේ බව පැවසීය.

    මේ විද්‍යාපීඨවලට පැමිණෙන්නේ දක්ෂතම සිසුන්. දේශපාලන පක්ෂ, ආගම්, වර්ණ භේදවලින් තොරව උසස් පෙළ ඉසෙඩ් ලකුණු මත විද්‍යාපීඨවලට තේරෙන දරුවන්ට මනා ශික්ෂණයෙන් හා මානව දයාවෙන් යුතුව ඉතාමත් හොද සීමාවාසික පුහුණුවක් සහිත ව විද්‍යාපීඨවලින් පිටවන විද්‍යාර්ථීන්ට පාසල් පද්ධතිය තුළ ඉහළ පිළිගැනීමක් තිබෙනවා. උපාධිධාරියෙකුට වඩා ගුරුවයෙක් ලෙස න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබන විද්‍යාපීඨ විද්‍යාර්ථීන්ට ඩිප්ලෝමාවකට පමණක් සීමාවීම අසාධාරණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඔවුන්ගේ පුහුණු කාලය තවත් වසරකින් දීර්ඝ කර පුහුණු උපාධිධරයෙක් ලෙස විද්‍යාපීඨවලින් පිටවීමට අවස්ථාව සලසා දීමට වර්තමාන රජය පියවර ගෙන  තිබෙනවා. වසර ගණනාවක් සිට ම විද්‍යාපීඨ සිසුන්ට ලබා දුන් රුපියල් 2500ක මාසික දීමනාව ලබන වසරේ සිට රුපියල් 4000ක් දක්වා වැඩි කරන බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.  

    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  ශාන්ත බණ්ඩාර සහ  අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya