ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සඳහිරු සෑයේ තැන්පත් කළේ මෙහෙයුම් සමයේ සොයාගත් රත්‍රං නොවේ

    දෙසැම්බර් 12, 2014

    මානුෂිය මෙහෙයුමේ ජයග්‍රහණය ඉතිහාසයේ සනිටුහන් කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ ගර්භයේ සර්වඥ ධාතූන් නිදන් කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. 


    එහිදී සර්වඥ ධාතූන් තැන්පත් කරන ලද පළිඟු කරඬුව ආවරණය කිරීම සඳහා සාදන ලද රත්‍රං කරඬුව, ඊට පළඳවන ලද රත්‍රං මාල හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා යොදා ගන්නා ලද රන්පත් සඳහා යොදාගත් රත්‍රං පසුගිය යුද සමයේ දී උතුරු ප්‍රදේශයේ ද්‍රවිඩ පුද්ගලයන් විසින් දමාගොස් තිබී හමුදාව විසින් සොයා ගනු ලැබූ රත්‍රං යොදා සාදන ලද බවට ඇතැම් පුද්ගලයින් විසින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇති බවත් එය සම්පූර්ණයෙන් ම මිත්‍යාවක් වන අතර හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා යම් පිරිසක් ප්‍රචාරය කර හරිනු ලැබූ අසත්‍ය ප්‍රචාරයක් බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.


    හමුදා ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (11) ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

    එම පුණ්‍යකර්මය වෙනුවෙන් යුද හමුදාපතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පූර්ණ දායකත්වය සිවිල් සංවිධාන හා දානපතියන් විසින් ලබා දුන් බවත් ඔහු පෙන්වා දෙන ලදී.

    මේ සඳහා යුද හමුදාපතිතුමා විසින් 2014 නොවැම්බර් 13 දින විශේෂ ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ද ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණින් එක් රන්පත් ඉරුවක් හෝ ඉන් භාගයක් සඳහා මුල්‍යමය දායකත්වය ලබාගන්නා ලෙස ද ඉල්ලා සිටියා. ඒ සඳහා සිවිල් සංවිධාන සහ දානපතියන්ට ආධාර ලබා දීමට අවස්ථාව සලසන ලද අතර ඒ වෙනුවෙන් සඳහිරු සෑය මළුවේ (දුරකතනය - 0766 908067), මහනුවර දළදා මාලිගාව අභියස (දුරකතනය - 0766 907182), මාතර 3 වැනි (ස්වේ) ගැමුණු කඳවුර ඉදිරිපිට (දුරකතනය - 0766 907454), කතරගම නගරයේ (දුරකතනය - 0766 907936), පනාගොඩ බෝධිරාජාරාම විහාරය අසල (දුරකතනය-0765 303550) විශේෂ යුද හමුදා කුටි ස්ථානගත කොට එම අවස්ථාවට මහජනතාව සහ සිවිල් ආයතන සඳහා ද අවස්ථාව සලසන ලදී. ඒ සඳහා විශේෂ මාධ්‍ය ප්‍රචාරයක්ද ලබා දුන් බවත් වනිගසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය. 

    යුද කාලයේ දී ආරක්‍ෂක අංශ සාමාජිකයින් විසින් සොයා ගන්නා ලද ඊලාම් බැංකු සහ උගස් ආයතනවල තිබී ත්‍රස්තවාදීන් විසින් රැගෙන ගොස් සඟවා තිබු රත්‍රං යුද හමුදාව භාරයේ සුරත්ෂිතව තබා තිබුණි. ඒවායේ නියම අයිතිකරුවන් සොයා ගැනීමේ භාරදූර කර්තව්‍යය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්‍ෂක අංශ හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. එම සමස්ත ක්‍රියාවලිය යටතේ අදාළ භාණ්ඩ වර්ගීකරණය කිරීම, හඳුනාගැනීම සහ නියම අයිතිකරුවන්ගේ අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව හිමිකරුවන් 1960 දෙනෙකුට පසුගිය 04 වැනිදා අරලියගහ මැඳුරට ආරාධනා කොට ජනාධිපතිතුමා අතින් ඒවා භාර දෙන ලදී. තවදුරටත් හමුදාව භාරයේ ඇති එකී රත්‍රංවල නියම අයිතිකරුවන් නිවැරදිව සොයා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් නියම අයිතිකරුවන් සොයා ගැනීමට නොහැකි වන යම් කොටසක් ඇත්නම් ඒවා නිසියාකාරයෙන් මහා භාණ්ඩාගාරය වෙත භාරදෙනු ලබන බවද ඔහු මෙහිදී පවසා සිටියේය.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya