ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    හිටපු ජනාධිපතිවරු යළි දේශපාලනයට එන්න හදන්නේ තණ්හාවට

    දෙසැම්බර් 15, 2014
    විශ්‍රාම ගිය ජනාධිපතිවරු නැවත දේශපාලනයට නො එන නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දේශපාලනයට පැමිණෙන්නේ තිරය පිටුපස සිට හෝ රට පාලනය කිරීමේ තණ්හාව එතුමියට තියෙන නිසා බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
     
    සිනමා නිළි අනෝජා වීරසිංහ මහත්මියගේ නිවසට ගිනි තියපු, ගායන ශිල්පිනි චන්ද්‍රලේඛාගේ කොණ්ඩේ කපපු, බැද්දගානේ සංජීව වැනි මැරයන් ජනාධිපති ආරක්ෂක අංශයේ (P.S.D.) තබාගත් පිරිස අද රටේ යහ පාලනය පිළිබඳ ව කතා කිරීම විහිළු සහගත බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෙළබල කලා සංසදයේ ප්‍රථම මහා සමුළුවට සහභාගී වෙමිනි. මෙම සමුළුව පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
    "දේශපාලන වශයෙන් අන්ධයන් නොවන  හැම කෙනෙකුට ම වර්තමානයේ දී රටේ සිදුවන යහපත් පරිවර්තනය දක්නට ලැබෙනවා. එදා 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය නොකළා නම් අපට හිමිවන්නේ තවදුරටත් බෙදුණු, 
     
    අස්ථාවර මාතෘ භූමියක්. ඒ තත්ත්වය වෙනස් වුණේ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරලා යුද්ධය අවසන් කළාට පසුවයි. යුද්ධය නමැති අවුල ලිහන්නේ නැති ව වෙන අවුල් ලිහන්න බැහැ. ඒ විදිහේ අවුලක් තියාගෙන කිසි ම රටක් ඉදිරියට ගිහිල්ලත් නැහැ. එදා ජාතියේ ඉදිරි ගමනට තිබුණු ප්‍රධාන පූර්ව කොන්දේසිය වුණේ 
    ඒ අවුල ලිහන එක. 
     
    එදා යුද්ධය ආරම්භ වුණු අලුත ශක්තිමත් නායකයෙක් බිහි වුණා නම් මොන තරම් දේවල් අපිට ලබාගන්න තිබුණද? බටහිරට බය නැති තීරණ ගත හැකි නායකයෙක් රටට හිටියා නම් යුද්ධය ඉවර කරන්න මෙච්චර කාලයක්  ගතවෙන්නේ නැහැ. එහෙමනම් උතුරේ සහ දකුණේ අපේ දරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙන්නෙත් නැහැ. දේපළ විනාශ වෙන්නෙත් නැහැ. එදා සුළු ජාතින් සමඟ ඇතුළේ ගැටුම් ඇතිකර ගනිද්දී අනික් රටවල් අප පහුකරගෙන ගියා. අපි අද ඒ රටවල් පසු කළ යුතු නැද්ද? ආයෙමත් එකිනෙකාට විරුද්ධ ව කුලල් කා ගැනීමද කළ යුතු වන්නේ?. වසර තිහක් පුරා පස්සට ගිය රට නැවත ඉදිරියට රැගෙන යාමයි කළ යුතු වන්නේ. ආර්ථික සංවර්ධනය හා සමාජ සංවර්ධනය ඇති කිරීමේ කාලයයි දැන් එළඹ ඇත්තේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පළමු ධුර කාලය තුළ යුද්ධය අවසන් කළා. ආපස්සට ගිය රට ඉදිරියට ගෙන එමින් සංවර්ධිත රටක් නිර්මාණය කිරීමේ කාර්යභාර්යට පණ පොවන්න දෙවන ධුර කාලය තුළ ජනාධිපතිතුමා කටයුතු කළා.
     
    අපිළිවෙළ පිළිවෙළක් කරපු හැම රටක් ම ඉදිරියට ගියා. වසර ගණනාවක් අපිළිවෙළට තිබූ මේ රට පිළිවෙළක් කරපු නිසා දැන් ඒ යහපත් වෙනස අප අත්විඳිනවා. ශක්තිමත් ව ස්ථාවරව ඉදිරියට යන රටක් අපට තියෙනවා. ඒ ගමන නතර කරන්න ඇතැම් බලවේග කටයුතු කරමින් සිටිනවා. සමහරු වෙනසක් අවශ්‍ය බව පවසනවා. විරුද්ධ පක්ෂයේ පොදු හවුල දින 100ක එකඟතාවන්වලට එළැඹීමද? රටට අවශ්‍ය මේ වෙනසද?.
     
    ලෝකයේ රටවල් දියුණු වුණේ ප්‍රබල නායකත්වයක් යටතේ. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ගේ නම ඒ තුළ සඳහන් වන්නේ ඒ නිසයි. එතුමාගේ සම්පූර්ණ භාවිතා ව පිළිබඳ ව හොඳක් නොකියන පිරිසකුත් ඇති. එතුමාගේ භාවිතාවේ අඩුපාඩු පෙන්වන අයත් ඉන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් බලන්න වෙන්නේ මහතීර් මොහොමඩ් ඉටු කරපු එම භූමිකාව මැලේසියාව ඉදිරියට ගෙන ඒමට සමත් වුණාද? නැද්ද? කියලා විතරයි. මාතෘ භූමිය ගොඩනඟන යුගය නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ බව පැහැදිලියි යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය සම්බන්ධව ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි අදහස් දැක්වීය.
     
    මෙම අවස්ථාවට හෙළ බල කලා සංසදයේ සභාපති අර්ජුන කමලනාත් මහතා ඇතුළු සිනමා, ටෙලි නාට්‍ය, වේදිකා සහ සංගීත යන ක්ෂේත්‍රයන් නියෝජනය කරන කලාකරුවෝ විශාල පිරිසක් සහභාගි වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya