ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකේය උරුමය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ දකුණු පළාත් සම්මන්ත‍්‍රණ මාලාව

    දෙසැම්බර් 15, 2014

    ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා උරුමයේ වැදගත්කම සහ පුරාවස්තු ආඥාපනත පිළිබඳ ව ග‍්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ග‍්‍රාමීය මට්ටමින් භූමිය පිළිබඳ ව තීන්දු තීරණ ගනු ලබන රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වන දේශන මාලාවක් හෙට (16) සිට ලබන 31 දින දක්වා දකුණු පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 6ක දී පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 


    මේ අනුව හෙට (16) දින ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, අනිද්දා (18) තිස්සමහාරාමයේ , 19 දින හක්මන, 22 දින වැලිවිටිය, 24 දින තංගල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දී මේ දේශන මාලා පැවැත්වේ. 

    සංවර්ධනය හමුවේ අවදානමට ලක්වීමේ ඉඩක් ඇති පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමත් පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා අදාළ නිලධාරීන් දැනුමින් සන්නද්ධ කිරීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ. 2015 වසරේ මාතර දී පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනයට පූර්වගාමීව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya