ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පොදු අපේක්ෂක කොන්ත්‍රාත්තුව දුන්නේ චන්ද්‍රිකාටයි

    දෙසැම්බර් 16, 2014

    එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් රාජපක්ෂ රෙජීමය පලවා හරින්න කියලා පොදු අපේක්ෂක කොන්ත්‍රාත්තුව දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට බවත් ජාත්‍යන්තර ඊලාම්වාදීන්ට වඩා ම හිතවත් දේශපාලන භූමිකාවක උරුමය ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) හෝමාගම ආසනයේ මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය, කහතුඩුව, වෑතර, වෙනිවැල්කොළ, පහළගම, පොල්ගස්ඕවිට සහ අම්බලන්ගොඩ පැවති ඡන්ද රැස්වීම් මාලාවක් අමතමිනි

    ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේ එල්.ටී.ටී.ඊ.ය සමඟ සාකච්ඡා කිරීමට ස්වකීය ස්වාමිපුරුෂයා වූ මහජන පක්ෂයේ විජය කුමාරතුංගයන් පිටත් කර යැවුවේ චන්ද්‍රිකායි. විජය දිගින් දිගට ම බෙදුම්වාදීන් සමඟ ලෙන්ගතු සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නිරපරාදේ ඔහුට මැරුම් කෑමට සිදු විය. අවශ්‍යයෙන්ම ජීවත් විය යුතු මානව හිතවාදියෙක් වූ විජය කුමාරතුංගයන් මරණයේ මාවතට යොමු කර වූයේ චන්ද්‍රිකාවන්ය. 1994දී බලයට පැමිණීමට පෙර දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණෙන් පන්නා දැමුවේ ද චන්ද්‍රිකායි. සුදු නෙළුම, තවලම තුළින් දකුණේ ජනමතය කොටි හිතවාදී ලෙස වෙනස් කිරීමට උත්සාහ දැරුවේ ද ඇයයි. ඊලාම්වාදීන් පෙළඹීමට ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනා නමුත් පාර්ලිමේන්තුව තුළදී එය පුළුස්සා විනාශ කර දැමීමට ක්‍රියා කළ බවත් ඔහු සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ සමඟ පැවති දැඩි සම්බන්ධය තුළින් සටන් විරාම ගිවිසුම කැබිනට් එකේ හා පාර්ලිමේන්තුවට හොරෙන් ගෙන ඒම සංවිධානය කළේ චන්ද්‍රිකායි. බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇගේ ක්‍රියාකාරකම් සියල්ල අසාර්ථක වී දේශපාලනයෙන් විසිවුණ චන්ද්‍රිකා මැතිණිය එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් නිවැරදිව තෝරාගෙන ශ්‍රී ල.නි.ප. යළි කඩාබිඳ දමා පොදු අපේක්ෂකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තෝරා ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූයේ ඇය විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් 64 දෙනෙකු නියත වශයෙන් ම විපක්ෂයට ලබාදෙන බව ම චන්ද්‍රිකාගේ ප්‍රධාන පොරොන්දුව විය. පොරොන්දුව ඉටුකළ නොහැකි වූ විට පසුගිය 24 වැනි දින නියත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් 21 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් විපක්ෂයට එකතු වන බව දිවුර දිවුරා පසක් කළේය. නමුත් මේ කිසිවක් ඉටු නොවූ තැන හොරගොල්ලට යන අපේ සිරිසේන ඇමැතිතුමා දැන් නිතර නිතර චන්ද්‍රිකාවට කියන්නේ මට නුඹ විතරක් උනාට- නුඹට ඉන්නේ මම විතරද? යන්නයි යනුවෙන් පැවසීය.

    සිරිසේන ඇමැතිතුමාට ඇති එකම පිළිසරණ ඔහුගේ ලෝකයට පායන හිරුත්, සඳුත්, චන්ද්‍රිකාත් පමණයි. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සහයට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව, ටී.එන්.ඒ., රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න වැනි බොහෝ දෙනෙක් සිටිති. එදා පෘතුග්‍රීසින්ට විරුද්ධ සටනේ දී පැරැන්නන් කිවුවේ "ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ" කියායි. ඒ අනුව පොදු අපේක්ෂකයා ලෙස කැන්දන් ආ සිරිසේන ඇමැතිතුමා අද වෙල මැද තනි වී ඇත. ඔහු වෙනුවෙන් පක්ෂ කාර්යාල ගැසීමට, කොඩිවැලක් එල්ලීමට, බැනර් දැමීමට, ගෙන් ගෙට යාමට, කිසිවෙකු එන්නේ නැත. එදා සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විට ඔහු තනි නොකිරීමට විපක්ෂයේ සියලු දෙනා වගබලා ගත්තා. සරත් ‍‍ෆොන්සේකා වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කරට ගත්තා. මුස්ලිම් කොංග්‍රසය, දිගම්බරම් වැනි කඳුරට ද්‍රවිඩ නායකයන් සියල්ලෝම ෆොන්සේකාට සහය වූහ. මේ සියලු දෙනා නියත වශයෙන් ම මහින්ද රාජපක්ෂ පරාජය වන බවට මහා ජනතා රැල්ලක් පෙන්වීය. නමුත් සිරිසේන ඇමැතිතුමා මෙන් තනි නො වූ ෆොන්සේකාට ලැබුණු ඡන්ද ප්‍රමාණය මෙරට ජනතාවට අමතක නැත. පළමු වතාවට වඩා වැඩි ඡන්ද දහඅට ලක්ෂයක් ගියවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත වරක් ජනාධිපති ධූරයට පත් වන්නේ වැඩි ඡන්ද ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් බව සහතිකයි.
     
    හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ පමණක් නො ව ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයකම දැවැන්ත සංවර්ධනයක් කොට සක්විති රජකම ලැබුණත් රට පවා නොදෙන මහින්ද රාජපක්ෂ රට භාරදීම ඩයස්පෝරාවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ඇති එකම විසඳුමයි. හෝමාගම කෘතවේදී ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදුන් ජනතාව ලෙස දේශාපාලන ඉතිහාසයට එක් වී හමාරයි. මෙවර ජනාධිපතිවරණයෙන් හෝමාගම වීරෝධාර කෘතවේදී ප්‍රබුද්ධ ජනතාවගේ හෝමාගම ආසනය තුළින් පමණක් ඡන්ද ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබාදීමේ වගකීම ගම් මට්ටමේ නායකයන් වන ඔබ සියලු දෙනා ඉටු කරන බව මට විශ්වාසයි යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන බන්දුල ඉලේපෙරුම, ඩික්ෂන් ගාමිණි, සේනක උබේසිංහ, කැලුම් ප්‍රියංකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, නීතිඥ මංජුල මාකුඹුර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya