ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවේ උද්ධමනය නොකඩවා මාස 70ක් තනි ඉලක්කමක - ශී‍්‍ර ලංකා මහ බැංකුව

    දෙසැම්බර් 17, 2014

    ශී‍්‍ර ලංකාවේ උද්ධමනය අඛණ්ඩව මාස 70ක් තනි ඉලක්කමක පවත්වාගෙන යාමට හැකි ව තිබෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරයි.


    වාර්ෂික ලක්ෂමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස තනි ඉලක්කමක පවත්වාගෙන යාමට හැකිව තිබෙන බව ද පසුගිය මාස 12 තුළ ශී‍්‍ර ලංකාවේ උද්ධමනය 5% ට අඩු මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව තිබෙන බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

    දේශීය ඉන්ධන හා විදුලි ගාස්තු පහළ දමමින් සිදුකරන ලද මිල සංශෝධනයක් හේතුවෙන් මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වාර්ෂික ලක්ෂයමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය ද ඔක්තෝබර් මාසයේදී 1.6%ක් සහ නොවැම්බර් මාසයේදී 1.5%ක් වැනි අගයක පැවැති බව ද එම බැංකුව සඳහන් කරයි.

    මේ අතර උද්ධමනයේ අභ්‍යන්තර ප‍්‍රවණතාවන් වඩාත් පිළිඹිබු කරන වාර්ෂික ලක්ෂමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය මේ වසරේ නොවැම්බර් මාසයේ දී 3.6%ක මට්ටමේ නොවෙනස්ව පැවැති බව ද ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෑතකදී සිදු වූ තෙල් මිල ගණන් පහළ යාම උද්ධමනයට සහ උද්ධමන අපේක්ෂාවන් කෙරෙහි සුබවාදීව බලපාන බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ආනයනික බලශක්ති ප‍්‍රභවයන් මත ශී‍්‍ර ලංකාව දැඩි ලෙස පදනම් වන තත්ත්වයක් යටතේ බලශක්ති මිල ගණන් පහළ යාමේ ප‍්‍රතිඵලයක් ලෙස උද්ධමනය පහළයාම, දේශීය වශයෙන් ආර්ථික කටයුතු ප‍්‍රසාරණය වීම කෙරෙහි අනුබලයක් සපයන බව ද එම බැංකුව පෙන්වා දෙයි. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya