ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළියේ රාජ්‍ය නොවන ආයතනයන් හි ප්‍රගති සමාලෝචනය

    දෙසැම්බර් 17, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන ආයතනයන් හි වර්ෂ අවසාන ප්‍රගති සමාලෝචන වැඩසටහන ඊයේ (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය නොවන ආයතන නියෝජනය කරමින් දිස්ත්‍රික් නියෝජිතයෝ සහ ප්‍රාදේශීය කළමනාකරුවෝ රැසක් සහභාගී වී සිටියහ. 2014 වර්ෂයේ රාජ්‍ය නොවන ආයතනයන් විසින් නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් සිදු කරන්නට යෙදුණු ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, ප්‍රජා සංවර්ධන වැඩසටහන් සහ භෞතික සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ ව මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

     

    එමෙන්ම 2015 වර්ෂය සඳහා යෝජිත සංවර්ධන කටයුතු පිළිබඳ ව රාජ්‍ය නොවන ආයතන අදහස් දැක්වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඔවුන්ගේ ඇගයීමට ලක් විය.

     

    වතු ආශ්‍රිත ප්‍රජාවගේ ජීවනෝපාය වර්ධනය කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන ආයතන විසින් දක්වන දායකත්වය අති විශාල වනු ඇත.

     

    මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සම්බන්ධීකරණ අංශයේ දායකත්වයෙන් පැවැත්වුණු අතර නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

     

    MAP/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya