ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට රජයෙන් කඩිනම් සහන

    දෙසැම්බර් 21, 2014

    අධික වර්ෂාව හේතුවෙන් කලා වැව, රාජාංගණය වැව, තිසා වැව, නුවර වැව, නාච්ච දූව සහ මහකනදරා වැව වැනි ජලාශ ගණනාවක වාන් දොරටු විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකය පවසන පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 300ක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර අඛණ්ඩව පවත්නා අධික වර්ෂාව නිසා වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත.

     

    මේ වනවිට අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම‍, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ජනතාව අයහපත් කාලගුණය හා ගංවතුරින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර සහ සෝමාවතිය වැනි පූජා භූමි ප්‍රදේශ ද ජලයෙන් යට වී ඇත.

     

    අයහපත් කාලගුණය නිසා අවතැන්ව සිටින ජනතාව සඳහා කඩිනම් සහන සැලසීමට රජය විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya