ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වාරියපොළ ආර්ථික මධ්‍යස්ථානයට නව තොග ව්‍යාපාරික ස්ථානයක්

    අප්‍රේල් 29, 2014

    වාරියපොළ ආර්ථික මධ්‍යස්ථානයට නව තොග ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කිරීම සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා සිදු කෙරිණ.


    මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා පැවසුවේ " දිවිනැඟුම දෙපාර්තමේන්තුවට අති විශාල මුදල් සම්භාරයක් තියෙනවා. විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා ඒ අති විශාල මුදල් සම්භාරය කොටු කරන්නයි හැදුවේ. වැඩ කරන්න බැරි පනත් හැටියට දිවි නැඟුම හිරකරන්නයි ඔවුන් බැලුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ආවාට පසුව තමයි මේ රටේ සමෘද්ධිය ක්‍රියාවට නැඟුණේ.

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ "මේ ආර්ථික මධ්‍යස්ථානය මෙපමණ කාලයක් ආරම්භ කරන්න ප්‍රමාද වුණේ මෙතන තිබුණු ජල ප්‍රශ්නයක් නිසයි. අපට ටෙන්ඩර් කැඳවලා කෙටිකාලයක් ඇතුළත සියල්ල කරලා මේක විවෘත කරන්න හැකි වුණා. මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් අපේ පළාතේ ගොවියන්ට විශාල පිටුවහලක් වෙයි. අපි තවත් ආර්ථික මධ්‍යස්ථාන දෙකක් මේ පළාතේ විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා".

    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, සමාජ සේවා අමාත්‍ය ෆීලීක්ස් පෙරේරා, ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු වන එස්.බී. නාවින්න, අතාවුද සෙනවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු මහතා ඇතුළු කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ වයඹ පළාත් සභා අමාත්‍යවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB/LT_dmu (Kegalle)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya