ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ වරාය නගරයේ පරිසර සුරක්ෂිතතාවට ඉහළ අවධානයක්

    දෙසැම්බර් 23, 2014
    කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 233ක ප්‍රමාණයක් ගොඩකරමින් ඉදිකිරීමට අපේක්ෂිත නව වරාය නගරය, ශ්‍රී ලංකාව තුළ මුහුද ගොඩකරමින් වරාය නගරයක් ඉදිකෙරෙන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.
     
    කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී පරිසර සුරක්ෂිතතාව පිළිබඳ ඉහළ ම අවධානයක් යොමු කරන බව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධානත ම චීන ආයෝජන සමාගමක් වන චයිනා හාබර් ගෲප් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී චංෂියාවෝ ශියැන් මහතා පසුගියදා විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
     
    වරාය අධිකාරියේ උපදෙස් මත මොරටුව විශ්වවිද්‍යාලය මඟින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් පිළිබඳ පාරිසරික අධ්‍යයනයක් 2010 වසරේදී  ආරම්භ කරනු ලැබීය. 
     
    ඒ පිළිබඳ වාර්තාව 2011 අප්‍රේල් මාසයේදී ඔවුන් ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් බව චංෂියාවෝ ශියැන් මහතා පෙන්වා දුන්නේය. ඒවා පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව ව්‍යාපෘතිය 2013 නොවැම්බර් මාසයේදී අනුමත කර තිබේ. 
     
    ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කිරීමේ සියලු ම අවශ්‍යතාවන් සැපිරීමේ අදියර ක්‍රියාවට නංවා ඇතැයි ඔහු පැහැදිලි කළේය.
     
    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට අදාළ ප්‍රතිලාභ රැසක් හිමි වන බව චයිනා හාබර් ගෲප් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියි. ඇ.ඩො. බිලියන 1.4ක ආයෝජනයෙන් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වසර 8කින් නිම කිරීමට අපේක්ෂිතයි.
     
     
    SDF/CRI 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya