ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර සහ වයඹ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 6ක් එක් දිනකදී සිසු අයිතියට

    දෙසැම්බර් 23, 2014
    මහින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ වයඹ හා බස්නාහිර පළාත්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර රැසක් සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
     
    බස්නාහිර පළාතේ උඩුගම්පොළ, සෙනරත් පරණවිතාන විද්‍යාලය, දෙවෙලපොළ ආනන්ද විද්‍යාලය, බුරුල්ලපිටිය මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර මෙහිදී සිසු අයිතියට පත් කළ අතර මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියේය.
     
    නිර්මල මාතා මහා විද්‍යාලය, අල්-ආක්ෂා ජාතික පාසල, කඩයාමොට්ටෙයි මුස්ලිම් මහා විද්‍යාලය යන පාසල්වල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීම මෙදින පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
     
    පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයක්, පරිගනක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතව මෙම තාක්ෂණික විද්‍යාගාර විවෘත වේ. එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් සඳහා රුපියල් ලක්ෂ 200ක් පමණ වැය කර තිබේ. 
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya