ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර ආපදා තත්ත්වයට මුහුණ දීමට සූදානම්

    දෙසැම්බර් 24, 2014
    මේ වන විට ඇද ‍හැලෙමින් පවතින අධික වර්ෂාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 83ක සාමාජිකයන් 273 දෙනෙකු පීඩාවට පත් වී තිබේ. ඒ අතුරින් පවුල් 45ක සාමාජිකයන් 124 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 04ක රඳවා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 
     
    වර්ෂාවෙන් වැඩි ම හානියක් වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටයි. ඒ අනුව උඩුදුම්බර සපුගස්කන්ද ග්‍රාම නිලධාරී වසමේ සිදු වූ නායයෑමේ අවදානමක් නිසා මේ වන විට පවුල් 22ක සාමාජිකයන් 45 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තිබේ. එමෙන් ම මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාගොල්ල ග්‍රාම නිලධාරී වසමේ පවුල් තුනක සාමාජිකයන් 14 දෙනෙක් ද සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිති.
     
    අධික වර්ෂාව නිසා මහනුවර, මහියංගනය මාර්ගයේ කහටගොල්ල ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත් හැකිතාක් ඉක්මනින් එම අවහිරතා මගහරවා දී ගමනාගමනයට සුදුසු පරිදි මාර්ගය ‍යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව පැවසූ සෙනෙවිරත්න මහතා සියලු ම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන්ට ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද පැවසීය.
     
    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya