ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමයේ කැපී පෙනෙන වර්ධනයක් - ශී‍්‍ර ලංකා මහ බැංකුව

    දෙසැම්බර් 25, 2014
    ශී‍්‍ර ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන විදේශගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය ප‍්‍රමාණයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.
     
    2013 වසරේ මුල් මාස 10ක කාලයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ පර්යේෂණ අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,236ක් ව පැවැති බව ද ඊට සාපේක්ෂව මේ වසරේ  එම කාල සීමාවේදී 8.7% ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5,690 දක්වා වර්ධනය වී තිබෙන බවත් එම බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
     
    ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරන්නේ 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ශී‍්‍ර ලංකාව උපයා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 573ට සාපේක්ෂව 4.7%ක වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ එම මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව යි.
     
    වේගයෙන් ඉදිරියට ගමන් කරන ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශගත ශී‍්‍ර ලාංකික ශ‍්‍රමික ප‍්‍රජාව ලබා දෙන සහයෝගය විශිෂ්ට වේ. ශී‍්‍ර ලාංකිකයන් ලක්ෂ 17ක් පමණ ලෝකයේ විවිධ රටවල සේවය කරන අතර එම ශ‍්‍රමික ප‍්‍රමාණයෙන් ලක්ෂ 12ක් පමණ මැදපෙරදිග කලාපයේ සේවය කරති.
     
    මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවට ප්‍රේෂණය කරන මුදලින් වැඩි ම ප‍්‍රමාණයක් එම කලාපයෙන් ලැබෙන බවයි.
     
     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya