ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතට නව ජල කුළුණු 08

    දෙසැම්බර් 26, 2014
    යාපනය හා කිලිනොච්චිය ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ නව ජල කුළුණු 08ක් ඉදිකිරීමට ජල සම්පාදපන හා ජලාපවහන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව පලෙයි, කොඩිකාමම්, නල්ලූර්, කරෙයිනගර්, පුන්ගුඩුතිව්, වඩුක්කොඩෙයි සහ යාපනය මහ නගර සභාව ( ඕල්ඩ් පාර්ක්) යන ප්‍රදේශයන් හි ජල කුළුණු ඉදිකෙරෙනු ඇත. 
     
    මේ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 164.4ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් ඇ.ඩො. මිලියන 138ක් විදේශීය අරමුදල් වශයෙන් ද ඇ.ඩො. මිලියන 26.4ක් ශ්‍රී ලංකා රජය විසින් ද දරනු ඇත.
     
    යාපනය කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව, Agence Frncise de Development ( AFD) සහ ශ්‍රී ලංකා රජයේ සහය ඇති ව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya