ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අවතැන් කඳවුරේ උපන් දින සාදය

    දෙසැම්බර් 26, 2014

    අවතැන් කඳවුරේ අසරණ වී සිටි කුඩා දියණියකගේ උපන් දිනය දා කිරිබත් කවා දහසින් බැඳි පියළි පිරිනැමු ප‍්‍රධාන අමාත්‍යවරයෙකු පිළිබඳ ව පොලොන්නරුවෙන් වාර්තා වේ.

    ගංවතුරෙන් ගෙවල් දොරවල් යට වී පවුලේ උදවිය සමග පොලොන්නරුව ලංකාපුර ශ‍්‍රී සුදර්ශනාරාම විහාරයේ පවත්වාගෙන යනු ලබන සුභ සාධක කඳවුරේ සුරතල් දියණියක් සිටියාය. ඇය ඉපදී ඇත්තේ 2013 වසරේ නත්තල් දිනයේදීය. මෙම නත්තල් දිනට ඇගේ පළමු උපන් දිනය යෙදී තිබුනද ගංවතුරෙන් අසරණ වු දෙමාපියන් තම දියණියගේ උපන් දිනයදා කිරිබත් කෑල්ලක් හෝ කැවීමට අදිටන් කරගෙන සිටියදී සුභසාධක කඳවුරට වියළි ආහාර, ඖෂධ හා තවත් අවශ්‍ය දැ රැගෙන උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැමිණියේය.

     

    නත්තල් දිනයදා (25) අවතැන් කඳවුරේ අවතැන් වුවන්ට සහනාධාර ලබා දෙමින් සිටියදී පසුගිය වසරේ නත්තල් දා උපන් ඒ.ඒ. කාව්‍යා ලක්‍ෂානි දියණිය මෙම නත්තල් දා සිය පළමු උපන් දිනය සමරන බව අසා එම දියණිය දෝතට ගෙන සුරතල් කර කිරිබත් කවා ඇයගේ ජීවිතයේ පළමු උපන් දින ත්‍යාගය පිරිනැමුවේය. ඒ රුපියල් දහසේ මුදල් නෝට්ටු ගොන්නකි. ඒවා දෝතට ගත් සිඟිති දියණියගේ මුවග රැඳි අහිංසක සිනාව දුටු මුළු අවතැන් කඳවුරේ අසරණ වී සිටි සිය ගණනකගේ දෑස් කඳුළින් තෙත් වෙනු දක්නට ලැබිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya