ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනවශ්‍ය ගමන්බිමන්වලින් වලකින්න - මහනුවර 3344ක් ආරක්ෂිත ස්ථානවලට

    දෙසැම්බර් 26, 2014

    මහනුවර මහ දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක පස්කඳු කඩාවැටීම් නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින්, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල නොයෙදෙන ලෙස මහනුවර මහ දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා මහජනතාවට දන්වා සිටී.


    මහනුවර -මහියංගනය, මහනුවර -මාතලේ, මහනුවර -කුරුණෑගල වැනි ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග රැසක පස්කඳු කඩාවැටී‍මේ සිද්ධි වාර්තා වී ඇති බවත්, ගමනාගමනයට බාධා එල්ලවී ඇති මාර්ග, මාර්ග  සංවර්ධන අධිකාරියේ සහය ඇතිව කඩිනමින් යථාතත්වයට කරමින් පවතින බවත් මහනුවර මහ දිසාපතිවරයා පැවැසීය.

     
    වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පවුල් 1612ක පුද්ගලයින් 5583 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. අවතැන් වු පවුල් 1076ක සාමාජිකයින් 3344ක් සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන 36ක පහසුකම් සලසා ඇති බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

     

    TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya